ශ්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය රටට විදේශ විනිමය ගෙන එන වටිනා කර්මාන්තයක් බවත්, ඒ සදහා රටේ කොතරම් ආර්ථික අර්බුධයක් තිබුණත් අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු කොට ඉදිරි කාලයේදී විශාල ලෙස සහයෝගය දැක්වීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා 2023.10.07 වන දින බොරැල්ලේ ත්රැප්රෝබේන් ශාලාවේ පැවති ලංකාවේ දැවන්තම විසිතුරු මත්ස්‍ය ප්‍රදර්ශනය හා අලෙවිපොල විවෘත කරමින් ප්‍රකාශ කර සිටියේය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ හුංගම හාතාගල ප්‍රදේශයේ ඉදිකිරිමට යෝජිත ඉස්සන් වගා ව්‍යාපෘතියක් සදහා ඉඩම් වෙන්කර ගැනිම පිලිබද විශේෂ සාකච්ඡාවක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.10.05 වන දින ධීවර අමාත්‍යංශයේදි පැවැත්වින.
ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්රය සංවර්ධනය කිරීම සම්බන්ධව ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ මැදිහත්වීමෙන්, ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් සත්යංඡල් පාන්ඩේ මහතාත් සමග ශ්‍රී ලංකාවට පැමිණි ධීවර ක්ෂේත්රයේ කටයුතු කරන ඉන්දීය විද්වතුන් පිරිසක් පසුගිය 23 වන දින ධීවර අමාත්‍යවරයා හා ධීවර අමාත්‍යංශය, ධීවර දෙපාර්තමෙන්තුව, නාරා ආයතනය, නැක්ඩා යන ආයාතන වල නියෝජිතයින් සමග සිදු කළ සාකච්ඡාවෙන් පසු, සතියකට අධික කාලයක් ශ්‍රී ලංකාව පුරා ධීවර දිස්ත්‍රික්ක 15ක් සහ මිරිදිය ක්ෂේත්රයට අදාළ දිස්ත්‍රික්කවලද සංචාරය කරමින් ඔවුන්ලබාගත් දත්ත හා නිරීක්ෂණ පිළිබදව වාර්තාවක් 2023.10.02 වැනි දින ධීවර අමාත්‍යංශයේදි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්රමුඛ නිලධාරීන්ට ඉදිරිපත් කරන ලදි.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





