en banner

Untitledපෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයේ කරගෙන යාමට බලාපොරොත්තු වන සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා 2023.09.10 වන දින මේ චාරිකාවක නිරත විය.

මෙහිදී දැනට වැඩ නිම කර ඇති අපජලය පිරිසිදු කිරීමේ යන්ත්‍රාගාරයේ ඉදිරියට කල යුතු සංවර්ධන කටයුතු පිළිබදව සොයා බලන ලදි. වෙළද සංකීර්ණයෙන් පිටවන අපජලය නිසා, අවට පරිසරයට හානි ඇති කරන බවට ලැබී ඇති පැමිණිලි පිළිබදව නිළධාරීන්ගෙන් හා ධීවර සංගම් නියෝජිතයින්ගෙන් විමසා බැලූ අමාත්‍යවරයා, එවැනි ආකාරයේ අපජලය බැහැර කිරීමක් සිදුවන්නේ නම් ඒ පිළිබදව සොයා බලන ලෙස අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. තවද වෙළද සංකීර්ණයේ විශාල වශයෙන් බෝවන සුනඛ ගහණය නැවැත්වීම සදහා ඔවුන් වාන්ද්‍යාකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද පෑලියගොඩ ප්‍රාදේශිය සභාවේ ලේකම්වරියට උපදෙස් ලබා දෙන ලදි.

පෑලියගොඩ වෙළදුන්ට අයිස් සැපයීමේදී ඇති වී ඇති ගැටළු රාශියක් පිළිබදව අමාත්‍යවරයා මෙහිදී සාකච්ඡා කළේය. වෙළද සංගම් නියෝජිතවරුන් ඉදිරිපත් කරන ලද ගැටළු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරිය ඇතුළු නිලධාරීන්ට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය. මත්ස්‍ය වෙළද සංකීර්ණයේ විෂබීජහරණය කිරීම හා නරක් වු  මාළු ජනතාවට අලෙවි කිරීම පිළිබදවත් නිසියාකාරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලවා දිනපතා පරීක්ෂා කර බලා එම ක්‍රියාවන් සිදුකරන වෙළදුන්ට හා අදාල බලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ප්‍රාදේශීය ලේකම්තුමියට උපදෙස් දුන් අමාත්‍යවරයා එවැනි වැරදි කරන වෙළදුන්ට හා පුද්ගලයන්ට නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙසද උපදෙස් ලබා දෙන ලදි.

මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, පෑලියගොඩ ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමිය, ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු නිලධාරීන් පිරිසක් හා මත්ස්‍ය වෙළද සංකීර්ණයේ නියෝජිත පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි විය.

DSC 1044

DSC 1034

 

Youtube