දිට්වා (Ditwah) සුළි කුණාටුවෙන් සහ ගංවතුරෙන් දැඩි ලෙස පීඩාවට පත් මිරිදිය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය නැවත නගා සිටුවීම සඳහා රුපියල් මිලියන 226කට අධික වටිනාකමින් යුත් මූල්‍ය සහනාධාර ප්‍රදානය කිරීමේ රාජ්‍ය උත්සවය, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (23) දින නාරාහේන්පිට, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී සංකේතාත්මකව ධීවරයින් වෙත මූල්‍ය සහාය සහතිකපත් ලබා දීමද සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, මෙම ආපදාව සුනාමි ව්‍යසනයටත් වඩා හතර ගුණයක ආර්ථික බලපෑමක් (ඇ.ඩො. බිලියන 4.3ක්) ඇති කළ බව පෙන්වා දුන්නේය. "රට දැඩි ආර්ථික අභියෝග මැද සිටියත්, අපේ රජය 200%ක්ම ධීවර ජනතාව සමඟ සිටිනවා. අපේ අරමුණ හුදෙක් තිබූ තත්ත්වයට පත් කිරීම නොව, නවීන තාක්ෂණය සහ අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් මෙම කර්මාන්තය ශක්තිමත්ව ගොඩනැගීමයි," යැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.
හානි පූර්ණය සහ රජයේ කඩිනම් ක්‍රියාමාර්ග පැහැදිලි කළ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සඳහන් කළේ, ධීවර ක්ෂේත්‍රයට පමණක් රුපියල් කෝටි 765 ක (මිලියන 7,650 ක) දැවැන්ත හානියක් සිදුව ඇති බවයි.
කෙසේ වෙතත්, ධීවර ජනතාව යළි නගා සිටුවීමට පහත සහන අද දින සිට ලබා දෙන බව එතුමා ප්‍රකාශ කළේය:
අහිමි වූ හෝ හානි වූ මිරිදිය ධීවර යාත්‍රා: අහිමි වූ හෝ අර්ධ වශයෙන් හානි වූ ඔරු 405ක් සඳහා රුපියල් ලක්ෂය බැගින් රුපියල් මිලියන 40.5ක ප්‍රතිපාදන.
දැල් ආම්පන්න: ධීවරයින් 3,246 දෙනෙකු සඳහා දැල් කට්ටල 12,423ක් ලබා ගැනීමට රුපියල් මිලියන 186.34ක මුදලක්.
අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා සඳහන් කළේ, විද්‍යාත්මක හානි තක්සේරුවක් හරහා ඉතාමත් කෙටි කලක් තුළ මෙම අරමුදල් සෘජුවම ධීවර සමිති වෙත යොමු කිරීමට පියවර ගත් බවයි.
ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ (NAQDA) සභාපති කිත්සිරි ධර්මප්‍රිය මහතා, විපත හමුවේ ධීවර ප්‍රජාව දැක්වූ ධෛර්යය අගය කළ අතර, ලැබෙන ප්‍රතිපාදන ඵලදායීව යොදවා ගනිමින් නිෂ්පාදන ධාරිතාව පෙරටත් වඩා ඉහළ නංවා ගැනීමට එක්වන ලෙස ඉල්ලා සිටියේය.






මෑතදී ඇති වූ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජීවී වගා ක්ෂේත්‍රය යළි නගා සිටුවීම සඳහා තාක්ෂණික සහයෝගීතාව ලබා ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් ති ටම් (Ms. Trinh Thi Tam) මැතිණිය අතර අද (16) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
පාඩු ලබන ආයතනය, ලාභ ලබන ජාතික සම්පතක් බවට පත් කිරීමට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේගෙන් ප්‍රතිඥාවක්
නවතම පුවත්
- දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් මිරිදිය ධීවරයින්ට රුපියල් මිලියන 226ක සහන; කර්මාන්තය දෙගුණයකින් දියුණු කිරීමට රජයෙන් කඩිනම් සැලැස්මක්
- ආපදාවෙන් පීඩාවට පත් ධීවර ක්ෂේත්‍රය ගොඩනැගීමට වියට්නාම තානාපතිගෙන් සහතිකයක්; විසිතුරු මසුන් සහ ඉස්සන් කර්මාන්තයට විශේෂ අවධානයක්
- ලංකා ධීවර සංස්ථාව "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන සමඟ පරිවර්තනීය වසරක් අරඹයි..
- ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු තානාපතිවරයා මැතිව් ඩක්වර්ත් අද 14.01.2025 යාපනයේ පිහිටි ජාතික ජන බලවේගයේ කාර්යාලයට ගියේය.
- අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගෙන් පොංගල් සුබ පැතුම් පුවත්





