කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (02) පෙරවරු 10.30 ට නිකුත් කරන ලද විශේෂ කාලගුණ නිවේදනයට අනුව, ඉදිරි පැය 24 ක කාලය තුළ දිවයින වටා වන වෙරළ ආසන්න මුහුදු කලාපය රළු හෝ ඉතා රළු විය හැකි බැවින් ධීවර කටයුතුවල නිරත වීම අතිශය අවදානම් සහගත බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
‘Ditwah’ සුළි කුණාටුව හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ නැගෙනහිර පළාතේ මිරිදිය ධීවර ප්‍රජාව යළි නගා සිටුවීම සහ ඔවුන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව තහවුරු කිරීම අරමුණු කරගත්, ඇමරිකානු ඩොලර් මිලියන 1.33ක (රුපියල් මිලියන 436ක් පමණ) සුවිශේෂී ව්‍යාපෘතියක නිල ගිවිසුම් අත්සන් කිරීම ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලයේදී සිදු විය.
‘Ditwa’ සුළි කුණාටුව හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පුත්තලම දිස්ත්‍රික්කයේ කුඩා පරිමාණ ඉස්සන් නිෂ්පාදකයින්ට සිය වගා කටයුතු යළි සක්‍රීය කර ගැනීම සඳහා රුපියල් මිලියන 135.7ක මූල්‍ය දායකත්වයක් පිරිනැමීම ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) හලාවත ‘සුදසුන’ ශාලාවේදී පැවැත්විණි.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





