රට පුරා පැතිර යන ගංවතුර ආපදා තත්ත්වය හමුවේ, සිවිල් වැසියන් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ධීවර බෝට්ටු වහාම යොමු කරන ලෙස ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය, ගරු රත්න ගමගේ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.
ගාල්ල, රත්ගම මුහුදු තීරයේදී අතුරුදන් වූ ධීවරයින් පස් දෙනාම නිරුපද්‍රිතව මුදා ගැනීමේ මෙහෙයුම සාර්ථක වූ බව, ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය, ගරු රත්න ගමගේ මහතා අද (28) දින තහවුරු කළේය.
දිවයින වටා මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති දැඩි අඩු පීඩන කලාපය හේතුවෙන්, නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතු සඳහා මුහුදු යාමෙන් සම්පූර්ණයෙන් වළකින ලෙස ධීවර අමාත්‍යාංශය සමස්ත ධීවර ප්‍රජාවට දැඩිව අවවාද කරයි.
නවතම පුවත්
- දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් මිරිදිය ධීවරයින්ට රුපියල් මිලියන 226ක සහන; කර්මාන්තය දෙගුණයකින් දියුණු කිරීමට රජයෙන් කඩිනම් සැලැස්මක්
- ආපදාවෙන් පීඩාවට පත් ධීවර ක්ෂේත්රය ගොඩනැගීමට වියට්නාම තානාපතිගෙන් සහතිකයක්; විසිතුරු මසුන් සහ ඉස්සන් කර්මාන්තයට විශේෂ අවධානයක්
- ලංකා ධීවර සංස්ථාව "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන සමඟ පරිවර්තනීය වසරක් අරඹයි..
- ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු තානාපතිවරයා මැතිව් ඩක්වර්ත් අද 14.01.2025 යාපනයේ පිහිටි ජාතික ජන බලවේගයේ කාර්යාලයට ගියේය.
- අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගෙන් පොංගල් සුබ පැතුම් පුවත්





