en banner

WhatsApp Image 2026 04 22 at 11.35.58නෝර්වේ හි බර්ගන් (Bergen) නුවර පැවැත්වෙන ‘One Ocean Week’ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වන ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්‍රමුඛ දූත පිරිස, ලොව ප්‍රමුඛතම ජලජීවී වගා සහ මත්ස්‍ය ආහාර නිෂ්පාදන සමාගමක් වන කාගිල් (Cargill) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ටාජි ඒයිඩ් (Tarjei Eide) මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය සමඟ ඊයේ (21) විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ.

වසර 160ක අභිමානවත් ඉතිහාසයක් ඇති කාගිල් සමාගම, රටවල් 70ක සේවකයින් එක්ලක්ෂ පනස් පන්දහසකට (155,000) අධික සංඛ්‍යාවක් සේවය කරන ලොව විශාලතම Salmon සහ ඉස්සන් ආහාර නිෂ්පාදන සමාගමකි.

මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ජලජීවී වගා ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා උසස් තත්ත්වයේ මත්ස්‍ය ආහාර ලබාගැනීම සහ ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීමේ ව්‍යාපාරික අවස්ථාවන් (Raw Material Business) පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා විය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ ජලජීවී වගා ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය සහ නව ආයෝජන අවස්ථාවන් පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කරන ලදී.

ලංකාවේ පවතින ව්‍යාපාරික මාදිලිය සහ ආයෝජන විභවතාවයන් පිළිබඳව සෘජුව අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ලෙස අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා කළ ආරාධනය කාගිල් සමාගමේ කළමනාකාරීත්වය විසින් මෙහිදී කැමැත්තෙන් පිළිගත් අතර, ඒ අනුව ඉදිරියේදී ඔවුන් මෙරට නිරීක්ෂණ සංචාරයක නිරත වීමට නියමිතය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ජේ. කහවත්ත මහතා ද සහභාගී වූහ.

නවතම පුවත්

Youtube