en banner

WhatsApp Image 2026 04 29 at 12.35.49 1ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන නිවාස ව්‍යාපෘතිය යටතේ යාපනය, තෙන්මාරච්චි මීසාලෙයි නැගෙනහිර ප්‍රදේශයේ ඉදිකළ නව නිවස (28) නිල වශයෙන් ප්‍රතිලාභීන් වෙත භාර දෙන ලදී.

පසුගිය ජනවාරි 16 වන දින මුල්ගල් තබා වැඩ ආරම්භ කළ මෙම නිවස, රුපියල් ලක්ෂ 20 ක පිරිවැයකින් මාස තුනක් වැනි කෙටි කාලසීමාවක් තුළ ඉදිකිරීම් අවසන් කිරීම විශේෂත්වයකි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහභාගී වූ අතර, ඒ මහතා අතින් නව නිවස විවෘත කර ප්‍රතිලාභී පවුල වෙත භාර දෙනු ලැබීය.

නිවස විවෘත කිරීමේ උත්සවය අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙය හුදෙක් ගොඩනැගිල්ලක් පමණක් නොව පවුලක ආරක්ෂාව, දරුවන්ගේ අනාගත සිහින සහ දෙමාපියන්ගේ මානසික නිදහස තහවුරු කරන මධ්‍යස්ථානයක් බවයි. වත්මන් රජය ජනතාව වෙත ලබා දුන් පොරොන්දු ප්‍රායෝගිකව ඉටු කිරීමේ කඩිනම් පියවරක් ලෙස මෙම නිවාස ව්‍යාපෘතිය හැඳින්විය හැකි බවද ඔහු පැවසීය.

"අයිති වීමට ස්ථානයක් - සුන්දර ජීවිතයක්" යන තේමාව යටතේ තවත් පවුල් රැසකට නිවාස හිමිකර දීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පැවසූ අමාත්‍යවරයා, උතුරු ප්‍රදේශයේ නිවාස, අධ්‍යාපන, සෞඛ්‍ය සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් අඛණ්ඩව සිදුවන බවද අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංගුමාරන්, තෙන්මාරච්චි ප්‍රාදේශීය ලේකම් ෆ්‍රැන්සිස් චන්ද්‍ර සත්‍යසෝති, යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයාගේ සම්බන්ධීකාරක සහ යාපනය මහ නගර සභා මන්ත්‍රී සුන්දරමූර්ති කබිලන්, ජාතික ජන බලවේගයේ තෙන්මාරච්චි සංවිධායක කරාලසිංහම් ප්‍රකාශ්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි වෙන්නිලා මහත්මිය සහ සමාජ බල සභාවේ සභාපති එම්. කජන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් ද එක්ව සිටියහ.

WhatsApp Image 2026 04 29 at 12.35.50

WhatsApp Image 2026 04 29 at 12.35.50 1

WhatsApp Image 2026 04 29 at 12.35.51 1

 

නවතම පුවත්

Youtube