en banner

WhatsApp Image 2026 04 11 at 10.53.36ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (H.E. Masood Imad) මහතා සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතර විශේෂ නිල හමුවක් ඊයේ (10) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා ද එක්විය.

ලබන මාසයේදී මාලදිවයින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සිදු කිරීමට නියමිත නිල සංචාරය පිළිබඳව මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු වූ අතර, එම සංචාරයට සමගාමීව දෙරටේ ධීවර ක්ෂේත්‍රයන් අතර ඇති කරගත හැකි නව සහයෝගීතා අවස්ථා පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි.

දෙරටේ ධීවර කර්මාන්තයට අදාළ අත්දැකීම් හුවමාරු කර ගැනීම පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා, මාලදිවයිනේ පවතින නැවුම් මත්ස්‍ය (Fresh Fish) සම්පත සහ ශ්‍රී ලංකාවේ දැනට දියුණුව පවතින Canned Fish කර්මාන්තය ඒකාබද්ධ කරමින් නව නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දීමේ හැකියාව පිළිබඳව පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම මාලදිවයින් වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදන සැකසීම (Processing) සහ අගය එකතු කළ මත්ස්‍ය නිෂ්පාදන නිපදවීම කෙරෙහි දෙපාර්ශවයේම දැඩි උනන්දුව පළ විය.

දැනට "Made in Sri Lanka" ලේබලය සහිත ඇතැම් නිෂ්පාදන ඩුබායි වෙළෙඳපොළ හරහා මාලදිවයිනට අපනයනය කෙරෙන අතර, එම නිෂ්පාදන අතරමැදියන්ගෙන් තොරව සෘජුවම ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට ලබාගැනීමේ ක්‍රමවේදයක් සැකසීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. මෙමගින් දෙරටටම ඉහළ ආර්ථික වාසි අත්වන බව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මෙහිදී අවධාරණය කළේය.

WhatsApp Image 2026 04 11 at 10.53.37

නවතම පුවත්

Youtube