දකුණු පළාත් ධීවර අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ, හික්කඩුව ප්‍රදේශයේ ධීවර ප්‍රජාවගේ ආරක්ෂාව සහ වෘත්තීය කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් සංවිධානය කරන ලද ජීවිතාරක්ෂක කබා (Life Jackets) සහ අනෙකුත් ආරක්ෂක උපකරණ බෙදාදීමේ විශේෂ වැඩසටහනක් ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය මැයි 15 වන දින හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ නෝර්වේ තානාපති කාර්යාලයේ නියෝජිතයින් අතර විශේෂ නිල හමුවක් අද (18) පෙරවරුවේ ධීවර අමාත්‍යාංශයේදී පැවැත්විණි. අමාත්‍යවරයාගේ මෑතකාලීන නෝර්වේ නිල සංචාරයේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ දෙරට අතර ධීවර සහයෝගීතාව නව මාවතකට යොමු කිරීම මෙහි මූලික අරමුණ විය.
මෙරට මිරිදිය ඉස්සන් කර්මාන්තය නවීන තාක්ෂණය ඔස්සේ ඉහළ අස්වැන්නක් ලබන ව්‍යාපාරික ක්ෂේත්රයක් බවට පත් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් 2025 අයවැය මගින් වෙන් කරන ලද රුපියල් මිලියන 25ක ප්‍රතිපාදන යටතේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ (NAQDA) සභාපති කිත්සිරි ධර්මප්‍රිය මහතා පවසයි.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





