en banner

WhatsApp Image 2023 06 12 at 16.23.14ධීවර දෙපාර්තමේන්තුව ධීවර නිෂ්පාදන අපනයන සහ ආනයන බලපත්‍ර ලබාදීම, ධීවර යාත්‍රා උදෙසා ලබාදෙන V.M.S. තාක්ෂණය ඇතුලු අනෙකුත් බලපත්‍ර සදහාද ගෙවීම් කටයුතු මින් ඉදිරියට ලංකා බැංකුව සමග එක්ව අන්තර්ජාලය හරහා ගෙවීම් කිරීමේ පහසුකම් හදුන්වාදීමේ උත්සවය 2023.06.12 වන දින ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සහ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

මෙහිදි කතාකළ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ජනාධිපති තුමාගේ සංකල්පයක් වන සියලු රාජ්‍ය ආයතන ඩිජිටල් කිරීමේ ක්‍රමය තුළින් ජනතාවට ඉතා පහසුවටත් ,නිවැරදිවත් කඩිනමිණුත් ගෙවීම් කරගැනීමට අවස්ථාව දීම මෙම ඩිජිටල් කරණයේ අරමුණ බවද ඒ තුළින් ඉතා කාර්ය්‍යක්ෂමව කටයුතු කිරීම නිසා ධීවර නිෂ්පාදන අපනයන හා ආනයන කටයුතු ඉතා ඉක්මණින් කර ගැනීමට ව්‍යාපාරිකයින්ට අවස්ථාව උදාවන බවද පැවසීය.මෙවැනි අපනයන හා ආනයන බලපත්‍ර ලබාදීම තුළින් රුපියල් මිලියන 45 කට අධික මුදලක් ධීවර දෙපාර්තමේන්තුවට ලැබෙන අතර V.M.S. තාක්ෂණය සදහා අදා බලපත්‍ර දීමෙන් ධීවර යාත්‍රා හිමියන්ගෙන් රුපියල් මිලියන 120 කට අධික ප්‍රමාණයක් ධීවර දෙපාර්තමේන්තුවට ලැබෙන බවද මෙම ගණුදෙනු සියල්ල ඔන්ලයින් ක්‍රමය හරහා Visa හා Master card  කාඩ් මගින් ලෝකයේ ඔනෑම තැනක සිට ගෙවීම් කටයුතු කරගරනීමට හැකිවන අතර විදේශ ආයෝජකයන්ට ඉතා පහසුවෙන් සිය ගෙවීම් කර ගැනීමට හැකි වන බවද ප්‍රකාශ කළේය.ඒ අනුව ජනාධිපතිතුමාගේ  බලාපොරෝත්තුව අනුව අපේ රටේ සියලු රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු රජයේ කාර්යාල ඩිජිටල් කරණය කිරීම හරිහැටි ඉතා ඉක්මණින් ක්‍රියාත්මක උවහොත් රට සීඝ්‍ර සංවර්ධනයක් කරා යන බවද ප්‍රකාශ කළේය.

මෙහිදි කතාකළ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා රජය කුමනදේ කළත් විපක්ෂය රජය විවේචනය කරන බවද තමන් විපක්ෂනායක වරයාගෙන් ඉල්ලා සිටින්නේ රජය යම් වැරද්දක් කළහොත් එය විවේචනය කරන ලෙසත් එසේ නොමැතිව සිදුකරන සංවර්ධන ක්‍රියාදාමයන් විවේචනය නොකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින බව ප්‍රකාශ කළේය.තවද ධීවර කැබිනට් ඇමතිතුමාගේ සංකල්පයකට අනුව මේ ආකාරයෙන්ද ලංකා බැංකුව සමග එක්ව ධීවර දෙපාර්තමේන්තුවේ සියලු ගෙවීම් කටයුතු ඩිජිටල් කිරීම තුළින් ධීවර ප්‍රජාවට ඉතා පලදායි සේවාවක් ඉටුකළ හැකි බව ප්‍රකාශ කළේය.මෙහිදි ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත,ලංකා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි  කරුණාරත්න යන මහත්වරුන්ද අදහස් ඵල කළේය.

මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය,ධීවර රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂා ගෝකුල මහත්මිය ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි විය. 

WhatsApp Image 2023 06 12 at 16.23.12

WhatsApp Image 2023 06 12 at 16.23.13

WhatsApp Image 2023 06 12 at 16.23.15

WhatsApp Image 2023 06 12 at 16.23.17

WhatsApp Image 2023 06 12 at 16.23.18

WhatsApp Image 2023 06 12 at 16.23.19

WhatsApp Image 2023 06 12 at 16.23.19 1      

Youtube