ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පසුගියදා හලාවත කලපුව නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේ මතු වු ප්‍රශ්න පිලිබදව සාකච්ඡාවක් 2023.06.06 දින ධීවර අමාත්‍යංශයේදි පැවැත්විණි. මෙම සාකච්ඡාවට හලාවත එක්සත් ධීවර සංගමයේ සභාපති ඇතුලු නිලධාරීන් සහභාගි විය.
මෙහිදි දේශීය ඉස්සන් කර්මාන්තය කරගෙනයාමට දැනට ඇති බාධා ඉවත් කර, එම ඉස්සන් පැටවුන් කලපුව හා අභ්‍යන්තර ජලාශ ආශ්‍රීතව මුදා හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ජලජීවි ආයතනයේ අධ්‍යක්ෂකවරියට උපදෙස් දෙන ලදි.
තවද, වනම් ඉස්සන් වගාව බෝවන රෝගවලට ලක් වී හලාවත ප්‍රදේශයේ ඉස්සන් කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටීමට ලක්ව ඇති බව වගා කරුවන් පෙන්වා දෙන ලදි. ඒ අනුව පාරම්පරික ඉස්සන් කර්මාන්තය නැවත ආරම්භ කිරීමටත්, රේඩියෝ මධ්‍යස්ථානය ඉතා ඉක්මණින් ලබා දීමටත්, කලපුව පිරිසිදු කිරීමට කඩිනම් පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.
තවද, ඉන්ධන පිරවුම්හලක් හලාවත කලපුව ප්‍රදේශයට ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. මෙහිදි ධීවරයින් ඉදිරිපත් කළ ප්‍රශ්න බොහොමයකට කඩිනමින් පිළියම් යොදන ලෙස ද උපදෙස් දුන්නේය.
මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, ධීවර දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත, ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අශෝකා මහත්මිය ඇතුලු නිලධාරින් පිරිසක් සහභාගි විය.