en banner

WhatsApp Image 2023 10 07 at 2.25.13 PM 1ශ්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය රටට විදේශ විනිමය ගෙන එන වටිනා කර්මාන්තයක් බවත්, ඒ සදහා රටේ කොතරම් ආර්ථික අර්බුධයක් තිබුණත් අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු කොට ඉදිරි කාලයේදී විශාල ලෙස සහයෝගය දැක්වීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා 2023.10.07 වන දින බොරැල්ලේ ත්‍රැප්රෝබේන් ශාලාවේ පැවති ලංකාවේ දැවන්තම විසිතුරු මත්ස්‍ය ප්‍රදර්ශනය හා අලෙවිපොල විවෘත කරමින් ප්‍රකාශ කර සිටියේය.

මෙම ප්‍රදර්ශනය ඇක්වාෆියෙස්ටා (Aquafiesta) නමින් හදුන්වා තිබේ. මෙම ප්‍රදර්ශනය පැවැත්වීමේ සංවිධායකයින් වන චමිල ජයසිංහ ඇතුළු පිරිස විශාල වෙහෙසක් දරා තිබෙන බවත්, ඒ සදහා නැක්ඩා ආයතනයේ සහයෝගය ලබා දීම පිළිබදව, එම ආයතනයට හා අනෙකුත් පෞද්ගලික ආයතන වෙත තමන්ගේ ස්තුතිය පිරිනමන බව ප්‍රකාශ කලේය.

විශේෂයෙන් මේ සදහා පැමිණි බ්‍රේව් ස්ටෙපන් ඇතුළු විදේශ නියෝජිතයින් වෙතද තම ස්තුතිය පිරිනමන අතර, දැනට විසිතුරු මත්ස්‍ය කර්මාන්තය කරගෙන යන ආයතන වලට දිය යුතු සහයෝගය ලබා දීම සදහා අතිගරු ජනාධිපතිතුමා සමග සාකච්ඡා කොට ඉදිරි කාලයේදී ඔවුන්ගේ අවශ්‍යතාව කුමක්ද යන්න තමන් වෙත දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

එසේම රටේ ආර්ථික දුෂ්කරතා රැසක් තිබියදී විසිතුරු මසුන් ඇතුළු මිරිදිය මත්ස්‍ය කර්මාන්තය නඟා සිටුවීම සදහා රුපියල් මිලියන 100ක මුදලක් ලබා දී ඇති බවත්, එම මුදල් උපයෝගි කරගනිමින් කළහැකි ව්‍යාපෘති සැකසීම මේ දිනවල නැක්ඩා ආයතනය විසින් සිදු කරමින් පවතිනවා. ඒ සියළු ව්‍යාපෘති ධීවර අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදු කරමින් අවශ්‍ය උපදෙස් ලබා දීමට කටයුතු කරන බවද පැවසීය. මෙම ප්‍රදර්ශනය හා අලෙවිපොල සංවිධානය කිරීම තුලින් මෙරට මෙන්ම විදේශ රටවල ආයෝජකයන් රැසක්ද ඇද ගැනීමට හැකියාව ඇති බව පැවසු අමාත්‍යවරයා, මෙම අත්‍යවශ්‍ය කටයුතු සංවිධානය කිරීම පිළිබදව නැවත වරක්  තම ස්තුතිය පිරිනමන බවද පැවසීය.

මෙම අවස්ථාවට රජයේ විශ්ව විද්‍යාලවල ජීවී විද්‍යා අංශයේ මහාචාර්යවරුන් රැසක්ද, ධිවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක, නැක්ඩා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අශෝකා මහත්මිය සහ මෙම ප්‍රදර්ශනය සංවිධානය කල පෞද්ගලික ආයතන වල ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

WhatsApp Image 2023 10 07 at 2.25.11 PM

WhatsApp Image 2023 10 07 at 2.25.14 PM

WhatsApp Image 2023 10 08 at 11.55.06 AM

387126006 872539384227506 8565890028408159757 n 1

 

Youtube