දකුණු කොරියාවේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකු වන කංග් මහතා, ශ්‍රී ලංකාවේ මාළු කෑම හා මාළු ආශ්‍රිතව සිදු කරනු ලබන ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් හා ධිවර බෝට්ටු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සදහා ශ්‍රී ලංකාව තුල ආයෝජනය කිරීමට අවශ්‍ය කටයුතු පිළිබදව, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හමු වී ධීවර අමාත්‍යාංශයේ දී සාකච්ඡා කරන ලදි.
ලංකා ධීවර සංස්ථාව වර්තමාන වෙළෙඳපොළට සරිලන පරිදි යාවත්කාලීන කරමින් ධීවර සංස්ථා මත්ස්‍ය නිෂ්පාදන UBER, PICKME හරහා ගෙදරට ගෙන්වා ගැනීමට පාරිභෝගිකයන්හට අවකාශය උදාකර දී ඇතැයි ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසීය.
ධීවර කර්මාන්තයට වර්තමානයේ බලපා ඇති මාළු මිල ඉහළ යාම, සාගර මත්ස්‍ය සම්පත හිඟවීම, කාලගුණික විපර්යාසයන්, මාළු අපනයනය කිරීමේදී පැන නැගී ඇති ගැටළු, මිරිදිය මත්ස්‍ය වගාව මුහුණ දී තිබෙන ගැටළු, බහුදින යාත්‍රා හිමියන් මුහුණ දී තිබෙන ගැටළු ඇතුළු සමස්ථ ධීවර කේෂත්‍රයම මුහුණ දී ඇති ගැටළු සදහා විසදුම් ලබාදීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





