en banner

DSC 1031පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයට අයිස් සැපයීම් සිදුකරන කොන්ත්‍රාත්කරුවන් අයිස් කිලෝ 50ක් රුපියල් 850 වැනි මිළකට විකිණීම සම්බන්ධව පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයේ වෙළදුන් විසින් අමාත්‍යවරයාට පැමිණිලි කරන ලදි.

එම පැමිණිල්ලට අනුව, පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයේ වෙළද සංගමයත්, අදාළ නිලධාරීන් හා අයිස් සැපයුම්කරුවන් කැදවු අමාත්‍යවරයා, සැපයුම්කරුවන්ට උපදෙස් ලබාදෙන ලද්දේ, අයිස් කිලෝ 50ක ප්‍රමාණයක් රුපියල් 500 කට අළෙවිකරන ලෙසයි.

ඒ අනුව අයිස් කිලෝ 50ක ප්‍රමාණයක් මත්ස්‍ය වෙළදසැල් වලට සපයන විට රුපියල් 650 ක මුදලකට ලබාගත හැකිය.

අමාත්‍යවරයාගේ එම අදහසට සවන් දුන් අයිස් සැපයුම්කරුවන්, නිලධාරින් හා මත්ස්‍ය වෙළදසැල් හිමියන්ද එයට එකග වු අතර, ඒ අනුව අයිස් හි මිළ අඩුවීම හේතු කොටගෙන එම සහනය ඉදිරියේදී පාරිභෝගිකයින්ටද ලැබෙනු ඇත. 

මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය හා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි විය.  

DSC 1029

DSC 1027

Youtube