en banner

DSC 0422ජලඡ සම්පත් අපනයනය කිරීමේදි දමිළ ඩයස්පෝරා අපනයනකරුවන් සම්බන්ධකර ගැනීමට ඇති හැකියාව පිලිබදව සාකච්ඡාවක්, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් (කරුණාඅම්මාන්) හා සංක්‍රමණික අපනයනකරුවන් සමග 2023.08.21 වැනි දින ධිවර අමාත්‍යංශයේදි පැවැත්විණි.

මෙහිදි අපනයනකරුවන් පෙන්වා දුන්නේ මෙරට ධීවරයන් නෙලා ගන්නා මත්ස්‍ය සම්පත විදේශ වෙළදපොළට අපනයනය කර රටට විදේශ විනිමය ගෙන ඒමේ ක්‍රමවේදය වඩාත් පුළුල් කලයුතු බවත්, ඒ සදහා අපනයන කරුවන් ලෙස අපගේ සහයෝගය ඔනෑම අවස්ථාවක ලබාදීමට පියවර ගන්නා බවයි.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය මුරලිදරන් මහතා අදහස් පළ කරමින් පවසා සිටියේ, දමිළ ඩයස් පෝරාවේ ආයෝජකකරුවන්ගේ හෝ සහයෝගය ලබාගෙන විදේශ විනිමය උපයාගත හැකි ආකාරයට අපනයනකරුවන්ගේ සහයෝගය ලබාගෙන අපගේ ධීවරයන්ගේ ආර්ථික තත්ත්වය නගා සිටුවීමට පියවර ගත යුතු බවයි.

මෙහිදි අදහස් දැක්වු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා, අපගේ ධීවරයන් නෙලාගන්නා මත්ස්‍ය සම්පතින් ව්‍යාපාරිකයන් විශාල මුදලක් ලබාගන්නා අතර මත්ස්‍ය සම්පත නෙලාගන්නා ධීවරයන් ඉතා පහත් ආර්ථික මට්ටමක සිටින අතර ඔවුන්ට සහනයක් ලබාදීමට හැකි ක්‍රමවේදයක් සකස් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ආයෝජක කරුවන්ට පෙන්වාදෙන ලදි.

Youtube