en banner

DSC 0805මත්ස්‍ය අපනයනයෙන් විශාල විදෙස් මුදල් ප්‍රමාණයක් රටට ලැබීමට තිබුණත් ඒවා නිසියාකාරව රටට නොලැබෙන බවත් රට මුහුණ පා තිබෙන මෙවැනි විශාල ආර්ථික අර්බුධයක් තුලදී එසේ රටට නිත්‍යානුකූලව ලැබීමට ඇති මුදල් රටට ලැබීමට සැලස්වීම සියලුම අපනයනකරුවන්ගේ යුතුකම හා වගකීම බවද ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මත්ස්‍ය අපනයනකරුවන් සමග 2023.03.20 වන දින ධීවර අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, විදේශයෙන් මාළු ගෙන්වා නැවත අපනයනය කිරීම තුලින් දේශීය මාළු හිඟ කාලවල තම ව්‍යාපාරය ස්ථාවරව පවත්වාගෙන යාමට අවස්ථාව සලසා දෙන ලෙස අපනයනකරුවන් කල ඉල්ලීම ගැන තමන් සැලකිල්ලට ගත් බවත්, ඒ පිළිබදව අප රටේ බහුදින යාත්‍රා හිමිකරුවන් සමග සාකච්ඡා කොට තීරණයක් ගත යුතු බවත් පැවසීය. තවද දේශිය බහුදින යාත්‍රාකරුවන්ගේ මත්ස්‍යයන් සදහා ස්ථාවර මිලක් ලබා දීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා අපනයනකරුවන්ගේ ඉල්ලා සිටියේය.

තවද බහුදින යාත්‍රාවල පසු අස්වැන්න කල් තබා ගැනීම සදහා බහුදින යාත්‍රා සදහා තාක්ෂණික මෙවලම් සවි කිරීමට සහයෝගය දැක්වීමට අපනයනකරුවන්ට හැකියාවක් පවතින්නේ දැයි සොයා තමාට වාර්ථාවක් සපයන ලෙස අපනයනකරුවන්ගෙන් ඉල්ලා සිටි අමාත්‍යවරයා ඔවුන්ට මතු වී ඇති අනෙකුත් ගැටළු ගැන ජනාධිපතිතුමන් සමග සාකච්ඡා කර විසදුම් ලබා දීමට කටයුතු කරන බවද පැවසීය.

මෙම අවස්ථාව සදහා අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක, ධිවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

Youtube