en banner

00052.MTS.00 00 07 01.Still0012023/05/24 දින යුරෝපා සංගමයේ ශ්‍රි ලංකා තනාපති ඩෙනිෂ් වයිබී මහතා ඇතුලු නියොජිත පිරිසක් ධිවර අමාත්‍යංශයේදි ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හමුවිය. මෙහිදි ශ්‍රි ලංකාවේ ධිවර ක්ෂේත්‍රය නගා සිටුවිම සදහා යුරොපා සංගමයෙන් ශ්‍රි ලංකාව වෙත ඉදිරිපත් කර ඇති යෝජනා රැසක් පිලිබදව සාකච්ඡා විය.

මෙහිදි ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශකර සිටියේ තිරසාර ධිවර කර්මාන්තයක් උදෙසා නිති විරෝධි සහ අවිධිමත් ධිවර කටයුතු නවතාලිමට නව ධිවර පනතක් හදුන්වාදිමට ධිවර අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බවත් ඒ පිළිබදවකටයුතුවල වර්තමානයේ විශාල ප්‍රගතියක් ලබා තිබේන බවත්, මේ සම්බන්ධයෙන් දැනට අමාත්‍යංශය කෙටුම්පත් කර ඇති පනතේ පිටපතක් යුරෝපා සංගමයට ප්‍රධානය කරන බවත්, මේ තුළින් දැනට ධිවර අමාත්‍යංශය සිදු කරන වෙනස්කම් හා ධිවර කර්මාන්තයේ තිරසාරභාවය සදහා හදුන්වාදුන් නව රෙගුලාසි පිළිබද තනාපතිවරයා දැනුවත් කළේය. ඒ පිළිබද වැදගත් සාකච්ඡාවක් මෙහිදි සිදුවිය. මෙහිදි ධිවර කර්මාන්තය සදහා වු අන්තර්ජාතික සම්මුතිය අනුව කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය බලාපොරෝතු වන බවද පැවසු අමාත්‍යවරයා මෙම නව ධීවර පනත හා රෙගුලාසි පාර්ලිමේන්තුවේ ඉතාම ඉක්මණින් සම්මත කරගන්නා බවද වැඩිදුරටත් පැවසීය. ඒ පිලිබදව යුරෝපා සංගමයේ තානාපති ඩෙනිෂ් වයි බී මහතා අමාත්‍යවරයාට සහ ශ්‍රී ලංකා රජයට තම සංගමයේ ස්තූතිය හා ප්‍රසංසාව පුදකරන බවද ප්‍රකාශ කළේය.

ඔස්ට්‍රේලියානු රජයේ ආධාර මත ශ්‍රී ලංකාවේ යාත්‍රා නිරික්ෂණ පද්ධතිය (V.M.S) මගින් ධීවර මෙහෙයුම් වඩාත් කාර්යක්ෂමව කිරීමටත් ඒ තුළින් නීති විරෝධි ධීවර කටයුතු වැළැක්වීමට ලැබී ඇති සහයද තානාපති වරායාගේ පැසසුමට ලක් වු අතර එය ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ උන්නතියට පිටු වහලක් වන බවද තානාපතිවරයා පැවසීය. ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් යුරෝපා සංගමයේ සහයෝගය ඉදිරියටත් ලබාදෙන බව තානාපතිවරයා තවදුරටත් පැවසීය. එමෙන්ම ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන වලින් 40% ක් යුරෝපා සංගමයේ රටවල් වෙත ජී.එස්.පී සහන ඇතිව අපනයනය කරන බව මෙහිදි ප්‍රකාශ විය.

මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, ධීවර දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් සුසන්ත කහවත්ත, අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් වන ධම්මික රණතුංග, නාමල් තලංගම යන මහත්වරු ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි විය.

00001.MTS.00 00 15 24.Still001

00002.MTS.00 00 10 23.Still001

00291.00 01 59 18.Still001

00037.MTS.00 00 07 15.Still001

 

Youtube