බණ්ඩාරගම මිල්ටන් මෝටස් නැමැති පුද්ගලික ආයතනය විසින් විදුලි කෝෂ මගින් ක්‍රියා කරන ධීවර බෝට්ටු නිෂ්පාදනය කිරීම මීට වසර ගණනාවකට පෙර ආරම්භ කරන ලද අතර ඒ සදහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවනන්දා මහතාගේ දැඩි අවධානයට යොමු විය.
ඒ අනුව මෙම බෝට්ටු එන්ජින් නිෂ්පාදනය කොට අත්හදා බැලීම් ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. මේ පිළිබඳව අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයේදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීමෙන් පසු ඒ සදහා අවශ්‍ය පහසුකම් සැළසිමට එවකට කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාටද ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙන ලදි.
මෙම ආයතනය විසින් නිපදවනු ලබන විදුලි කෝෂ මගින් ක්‍රියා කරන බෝට්ටු එන්ජින් හා ත්‍රීවීල් රථ නිරික්ෂණය කල ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හා රමේෂ් පතිරණ අමාත්‍යවරයා විසින් ඒ් සදහා රජයේ සහයෝගය ලබා දීමට අමාත්‍යවරයා පියවර ගන්නා ලදි.
ඒ අනුව නුදුරු අනාගතයේ දී මෙම විදුලි කෝෂ සවිකරන බෝට්ටු එන්ජින් හා ත්‍රීවීල් රථ වෙළද පොළ වෙත ඉදිරිපත් කිරීමට අමාත්‍යවරයා විසින් අවශ්‍ය කටයුතු සිදු කරදෙන බව මෙහිදි ප්‍රකාශ කරන ලදි.