en banner

DSC 0282 1ත්‍රිකුණාමලය ඇතුලු නැගෙනහිර පළාතේ බොහෝ ප්‍රදේශවල නීති විරෝධී ලෙස ඩයිනමයිට් භාවිතයෙන් මසුන් මැරීම සිදුකරන බව බොහෝ ධීවර සංගම් චෝදනා කරන අතර, එය නතර කිරිම සදහා ගතයුතු වැඩපිළිවෙල පිලිබද විශේෂ සාකච්ඡාවක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හා නැගෙනහිර පළාත් අණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් මහතා අතර 2023.07.26 දින කොළඹදි පැවැත්විනි.

මෙහිදි අදහස් දැක්වු නැගෙනහිර පළාත් අණුඩුකාර සෙන්දිල් තොන්ඩමන් මහතා පවසා සිටියේ,

තමන් නැගෙනහිර පළාත් අණ්ඩුකාරවරයා ලෙස වැඩ ආරම්භ කිරිමත් සමග ප්‍රදේශයේ බොහෝ සිවිල් සංවිධාන තමත් සමග පළාතේ ගැටලු පිළිබද සාකච්ඡා කලබවත්, බොහෝ පිරිසක් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය තුළ පවතින ධිවර ගැටලු පිලිබදව කරුණු ඉදිරිපත් කල බවත් පැවසීය. නීති විරෝධීව ඩයිනමයිට් භාවිතා කරමින් මුහුදු සම්පත් විනාශ කිරිම මෙන්ම, පසුගිය කාලයේ ජලජිවි වගාව සිදු කල ප්‍රදේශ බොහොමයක් ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව හා වන ජිවි දෙපාර්තමෙන්තුව විසින් එම අත්පත් කර ගෙන ඇති බවද, එම ප්‍රදේශ නැවත ධිවර කටයුතු වලට යොදා ගැනිමේදි බාදා එල්ලවි ඇති බවත්, එය කඩිනමින් විසදා ගැනිමට කටයුතු කලයුතු බවද අණ්ඩුකාරවරයා අමාත්‍යතුමාගේ අවධානයට යොමු කරන ලදි.

මෙහිදි අදහස් දැක් වු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා,

නැගෙනහිර පලාත තුළ පමණක් නොව උතුරු පළාත තුල ද නීති විරෝධී ධීවර කටයුතු සිදු කරන බවත්, ඒවා මැඩලිමට තමන් දැනටමත් ධීවර දෙපාර්තමෙන්තුවේ නිලධාරින් මෙන්ම ආරක්ෂක අංශවල නිලධාරින්ව දැනුවත් කර ඇති අතරම, එසේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වු බොහෝ  පිරිසක් අත්ඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇති බවද පැවසිය.

තවද මෙම ප්‍රදේශ වල පසුගිය කාලයේ පැවති යුධමය වතාවරනය හමුවේ වන සංරක්ෂණ කලාප ලෙස වෙන්කර තිබු කලපු හා කැලැ ප්‍රදේශ නැවත ජලජිවි වගාව සඳහා නිදහස් කර, උතුරු නැගෙනහිර ප්‍රදේශ තුළ ජලජීවි වගාව සිඝ්‍ර ලෙස සංවර්ධනය කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය හා ධිවර දෙපාර්තුමෙන්තුවේ අධ්‍යකෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුලු පිරිසක් සහභාගි විය.

Youtube