en banner

DSC 1019මෙරට ධීවර ජනතාව වෙනුවෙන් චින රජය මගින් පරිත්‍යග කළ භූමිතෙල් බෙදාහැරීම  2023/05/23 වන දින පානදුර ධීවර වරායේ දී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත චීන තානපති කී.ෂෙන්හොංග් (Qi Zhenhong)යන මහත්වරුන්ගේ ප්‍රධනත්වයෙන් පැවැත්විණි.

මෙහිදී ලංකාව පුරා ධීවර ජනතාවගේ බෝට්ටු 27,000 ක් සඳහා ඉන්ධන ලීටර් 150 බැගින් බෙදා දීම අද සිට දිවයින පුරා ඉන්ධන හල් 128 මගින් නොමිලේ බෙදා දීම ආරම්භ කරනු ඇත.

මෙහිදි අදහස් දැක් වු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා, චීනය අප රට සමග දිර්ඝ කාලයක් පවතින මිත්‍රත්වය හේතු කොටගෙන විශාල වශයෙන් ආධාර කරන බවත්, එහි එක් ආධාරයක් ලෙස මෙරට බලපෑ ඉන්ධන අර්බුදය විසදීම සදහා ගොවි ජනතාවට හා ධීවර ජනතාවට නොමිලේ බෙදාදීම සඳහා ඩීසල් තෝගයක් ලැබුනු බවත්, ධීවර ජනතාව වේත ලැබුන ඩීසල් තොගය භූමිතෙල් වලට මාරුකර සුලු පන්න ධිවරයන් සදහා මේ ආකාරයෙන් චීන තනාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බෙදා හැරීමට හැකිවීම සතුටට කරුණක් බව ද ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා චීනයෙන් අපට ලැබුනේ ඩීසල් බවත්, එම ඩීසල් භූමිතෙල් බවට හරවා ගැනීමට අතිගරු ජනාධිපතිතුමා, චීන තානාපතිවරයා සමග සාකච්ඡා කොට එය සිදු කර ගැනීමට තමන්ට හැකි වූ බවත් පැවසිය. මෙරට ධීවර ජනතාවට අධාර ලබා දිමට ඉදිරියේදීත් කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටි අතර චීන රජය සමග ලංකා රජය දිගු කාලීන මිතු දමකින් බැඳී සිටින බවද ප්‍රකාශ කළේය.

තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

ලංකාවේ ධීවරයන් දිනකට භූමිතෙල් වෙනුවෙන් රුපියල් පන්දාහක්, දහදාහක් අතර ප්‍රමාණයක් වියදම් කරන බවත් එම වියදම අවම කිරීම සඳහා විදුලි කෝෂ මගින් ක්‍රියාත්මක කරන බෝට්ටු එන්ජින් නිෂ්පාදනය කිරීමට ලංකාවේ පෞද්ගලික ඉංජිනේරු ආයතනයක් ආරම්භ කර ඇති බවත් ඒවා අද දින හඳුන්වා දීම සිදු වන බවත් ඒ සඳහා චීන තානාපතිවරයා සම්බන්ධ වීම පිළිබඳව තමා සන්තෝෂ වන බවද, එම විදුලි කෝෂ එන්ජින් සදහා චීන රජයේ ආධාර මත වැඩි දියුණු කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස තමන් චින තනාපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.

තවද පානදුර ධීවර වරාය සංචාරක පාරාදීසයක් බවට පත් කිරිමට චින ව්‍යපාරිකයන්ට එහි ආයේජනය කිරිමට අරාධනා කරන බවද අමාත්‍යවරයා තව දුරටත් පැවසිය.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා,

චීන රජය අප රටට විශාල ආධාර ලබාදෙන රටක් බවත් අපේ රට මුහුණ පා තිබෙන අර්බුදයෙන් මිදිම සදහා මෙම ආධාර තව තවත් අපේක්ෂා කරන බවද පැවසීය. මෙම අවස්ථාවට චීන තනාපතිවරයා සහභාගි වීම ගැන අතිශ්‍ය සතුටු වන බවත් චීන රජයෙන් ලබා දුන් ඩීසල් එය භූමිතෙල් බවට වෙනස් කර ලබාදීමට හැකිවීම පිළිබඳව සතුටු වන බවත් ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් පල කළ චීන තානාපතිවරයා,

චීනය හා ශ්‍රි ලංකාව තුළ දිගුකාලීන මිතුදමක් ඇති බවත් චීනයේ එම මිතුදම ආරක්ෂා කිරීමට පෙනී සිටි බවත් ඉදිරියේදි චීනය දැල් සහ බෝට්ටු මෙන්ම නිවාසද ධිවර ජනතාවට ලබා දීමට අපේක්ෂා කරන බව පැවසීය.

මෙම අවස්ථාවට මොරටුව ප්‍ර‍දේශීය සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මත්ත්‍රි ජයන්ත කැටගොඩ මහතා, ධීවර අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, අමාත්‍යංශ අතිරේක ලේකම් ධම්මික රණතුංග, හිටපු මොරටුව නගරාධීපති සමන් ලාල්, ධීවර දේපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත, ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති නිලංග ජයවර්ධන යන මහත්වරුන් ඇතුලු නිලධාරින් පිරිසක් සහභාගි විය.

DSC 0995

DSC 0983

DSC 1006

DSC 0942

DSC 0052

DSC 0023

Youtube