දකුණු කොරියාවේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකු වන කංග් මහතා, ශ්‍රී ලංකාවේ මාළු කෑම හා මාළු ආශ්‍රිතව සිදු කරනු ලබන ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් හා ධිවර බෝට්ටු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සදහා ශ්‍රී ලංකාව තුල ආයෝජනය කිරීමට අවශ්‍ය කටයුතු පිළිබදව, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හමු වී ධීවර අමාත්‍යාංශයේ දී සාකච්ඡා කරන ලදි.
මෙම සාකච්ඡාවේදී කංග් මහතා විසින් ප්‍රකාශ කලේ, ඔලුවිල් වරාය ආශ්‍රිතව නැගෙනහිර පළාත තුල මෙම කර්මාන්තශාලා ආරම්භ කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන ලදි.
මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා ඔලුවිල් වරාය සංවර්ධනය කිරීම සදහා දැනටමත් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවත් ඒ අනුව වරාය සංවර්ධනය කරමින් මෙම කම්හල් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස උපදෙස් ලබා දෙන ලදි. තවද මෙම කර්මාන්ත ශාලා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) යටතේ ආරම්භ කරන ලෙසද ඒ සදහා වෙළද අමාත්‍යාංශය සමග සාකච්ඡා කොට අවශ්‍ය කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට තමන් දැඩි කැමැත්තකින් සිටින බවද ඊට අවශ්‍ය සහාය ධීවර අමාත්‍යවරයාගෙන් හා ධීවර අමාත්‍යාංශයෙන් ලැබුන හොත් තමන් බිලියන ගණනක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සුදානම් බව කංග් මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදි.
ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක, කංග් මහතාගේ කොරියාවේ පිහිටි කර්මාන්ත ශාලාවේ නියෝජිත පිරිසක්ද, ඔහුගේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකරණ නිලධාරීවරයාද මෙම අවස්ථාව සදහා එක්ව සිටින ලදි.