en banner

DSC 0465ධීවර කර්මාන්තයට වර්තමානයේ බලපා ඇති මාළු මිල ඉහළ යාම, සාගර මත්ස්‍ය සම්පත හිඟවීම, කාලගුණික විපර්යාසයන්, මාළු අපනයනය කිරීමේදී පැන නැගී ඇති ගැටළු, මිරිදිය මත්ස්‍ය වගාව මුහුණ දී තිබෙන ගැටළු, බහුදින යාත්‍රා හිමියන් මුහුණ දී තිබෙන ගැටළු ඇතුළු සමස්ථ ධීවර කේෂත්‍රයම මුහුණ දී ඇති ගැටළු සදහා විසදුම් ලබාදීමට පියවර ගන්නා බව  ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුයේ, ධීවර අමාත්‍යාංශයේ හා ඊට අනුබද්ධ ආයතනවල  නිලධාරීන් සහ ධීවර කර්මාන්තයට සම්බන්ධ සියළුම අංශවල නියෝජිතයන් සමග පසුගියදා ධීවර අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා,

මෙවැනි රැස්වීම් මාසයකට වරක් පැවැත්වීමට කටයුතු කරන බවත්, ඒ අනුව අදාල කේෂත්‍රවල පවතින ගැටළු, එම ක්ෂේත්‍රවල නිලධාරීන් හා නියෝජිතයින් විසින් තමන් වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන බවත් ඒ අනුව ඒවා කඩිනමින් විසදීමට කටයුතු කල හැකි බවත් ප්‍රකාශ කරන ලදි.

තවද වර්ථමානයේ මාළු මිල ඉහළ යාම පිළිබදව අදාල අංශ වල නිලධාරීන්ගෙන් අදහස් විමසු අමාත්‍යවරයා, එයට හේතුව ලෙස, නිරිත දිග මෝසම් සුළං නිසියාකාරව නොලැබිමෙන් සාගර ජලය උණුසුම් විම මත මත්ස්‍යයන් වද වී යාම වු බව නිලධාරින් පෙන්වා දෙන ලදි.

මේවන විට වාරකන් කාලගුණ තත්ත්වය අවසන් වී ඇති බැවින්, ඔක්තෝම්බර් වන විට නැවතත් සාගරයේ මසුන් සුලභ විය හැකි බවත්, ඉදිරියේදී මාළු මිල පහත යාමට හැකි බවද අමාත්‍යවරයා පැවසීය.

තවද, නීතිවිරෝධි පන්න ක්‍රම හා ඩයිනමයිට් මගින් මාළු ඇල්ලීම නැවත්වීමට පියවර ගෙන ඇති බව පැවසූ අමාත්‍යවරයා, මේ පිළිබදව නාවික හමුදාව හා අනෙකුත් ආරක්ෂක අංශ සමග ගත් තීරණ හමුවේ යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවද ප්‍රකාශ කරන ලදි.

මාළු අපනයනය කිරීමේදී මතු වී ඇති ගැටළු සඳහා ඉතා කඩිනමින් විසදුම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද, අමාත්‍යවරයා විසින් අදාල නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

මිරිදිය මත්ස්‍ය වගාව මුහුණ දී ඇති ගැටළු සදහා කඩිනම් විසදුම් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසද නැක්ඩා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියට අමාත්‍යවරයා උපදෙස් ලබා දෙන ලදි.

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත, නැක්ඩා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් අශෝකා මහත්මිය ඇතුළු නිලධාරීන් හා ධීවර කර්මාන්තයට අදාල අංශවල මහජන නියෝජිත පිරිසක් ද සහභාගී විය. 

 

Youtube