en banner

mini 31976 ගිවිසුමට අනුව කච්චතිව් දුපතේ අයිතිය අපට ලැබුනද එහි 80% මත්ස්‍ය අස්වැන්න ලබා ගත හැකි මුහුදු තීරය අපට අහිමි වු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි. 

මෑතකදි තමිල්නාඩු ධීවර සමුළුවේදි කච්චතිව් නැවත ලබා ගැනිමට කටයුතු කරන බව තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාර්ලින් මහතා විසින් දැක්වු අදහස් පිළිබද මාධ්‍යට අදහස් දක්වමින් මේ බව පැවසිය.

තව දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ඉන්දියාවේ මැතිවරණ පවත්වන සෑම අවස්ථාවකදිම කච්චතිව් දුපත නැවත ලබා ගැනිම පිළිබදව සාකච්ඡා කිරිම සාමාන්‍යය මාතෘකාවක් වී ඇත.

1974 ගිවිසුමට අනුව මෙරට ධිවරයන්ට ඉන්දිය මුහුදු සිමාවෙත්,ඉන්දිය ධිවරයන්ට මෙරට මුහුදු සිමාවෙත් ධිවර කටයුතු කරගන යාමට මෙම ගිවිසුම මගින් අවස්ථාව සලසා දි තිබුණි.එමගින් ලංකා නැව් සංස්ථාවට අයත් මහා පරිමාණ ධීවර බෝට්ටු 6ක් ඉන්දිය මුහුදු සිමාවට ගොස් ධීවර කටයුතුවල යෙදුනි. නමුත් 1976 මෙම ගිවිසුම සංශෝධනය විමත් සමග දෙරට ධිවරයන්ට මෙම අවස්ථාව අහිමි විය. මෙම ගිවිසුමෙන් කච්චතිව් මුහුදු තිරයෙන් ඉන්දියාව ඉවත් වු අතර ඉන්දිය ධිවරයන්ගෙ දැල් වේලිමටත්,කච්චතිව් මංගල්‍යයටත් සහභාගි විමට අවස්ථාව සලසා දි තිබුණි. 1976 ඇති කරගත් ගිවිසුම නිසා කච්චතිව් අපට හිමි වුවද කච්චතිව් වලට වඩා 80 ගුණයකින් යුත් මත්ස්‍ය සම්පත හිමි මුහුදු ප්‍රදේශය අප ධීවරයන්ට අහිමි විය.

ඉන්දිය ධීවරයන්ගේ නීති විරෝධි ධිවර කටයුතු නිසා උතුරේ ධීවරයන්ට දිගින් දිගටම ගැටලු මතු විය. නමුත් අප රටේ හමුදාව හා නාවික හමුදව ඉන්දිය ධිවරයන්ට නොයකුත් කරදර සිදු කරන බව ඉන්දියාව තුල අසත්‍ය ප්‍රචාර ගෙන යයි. නමුත් එම ප්‍රචාර අසත්‍ය බව මා නොයකුත් අවස්ථාවල ඉන්දිය මධ්‍යම රජය හා තමිල්නාඩු රජයට වාචිකව හා ලිඛිතව කරුණු පෙන්වා දි ඇත. නීති විරෝධි ලෙස ධිවර කටයුතු වල යෙදෙන ඉන්දිය ධිවරයන් පමණක් මෙරට හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා බව උතුරේ ද්‍රවිඩ දේශපාලඥයන් විසින් ඉන්දිය මධ්‍යම රජයත් හා තමිල්නාඩු රජයටත් දැනුවත් කල යුතුයි. එම නිසා කච්චතිව් ගැටළුව ඉන්දිය මැතිවරණ කාලයේ පමණක් කරලියට පැමිණෙන මාතෘකාවක් බවත් මෙරට දමිළ දේශපාලඥයන් ඉන්දියාවට ගොස් ඉන්දිය දේශපාලඥයන් හමු වි එහි සැබෑ තත්වය ඉන්දිය දේශපාලඥයන්ට පැහැදිලි කල යුතු බවද අමාත්‍යවරයා තව දුරටත් පැවසිය.

Youtube