en banner

miniපාරිභෝගික ජනතාව තුළ මිරිදිය මත්ස්‍ය පරිභෝජනය සඳහා ඇති ඉල්ලුමට සරිලන ආකාරයේ නිෂ්පාදනයක් ලබාදිම සඳහා රට පුරා අභ්‍යන්තර ජලාශවල ජලජීවි කර්මාන්තය ශීඝ්‍ර වර්ධනයක් ඇති කිරීමේ අරමුණ ඇතිව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ගෙනයන වැඩපිළිවෙළ යටතේ, නැගෙනහිර පළාතේ ජලජීවී අභිජණන මධ්‍යස්ථානවල පවතින අඩුපාඩු සොයා බැලීම සඳහා 2023.04.09 දින නැගෙනහිර පළාතේ සංචාරයක නිරත විය.

එහිදි අදහස් දැක්වූ අමාත්‍යවරයා නැගෙනහිර පළාතේ ජලජීවී මත්ස්‍ය අභිජණනයේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන ඉඟිනියාගල අභිජණන මධ්‍යස්ථානයෙන් බොහෝ ප්‍රදේශවල අභ්‍යන්තර ජලාශ සදහා අවශ්‍ය මත්ස්‍ය පැටවුන් මුදා හැරීම සිදු වන අතර මෙම කටයුතු පුළුල් කර ජලාශ වලට අවශ්‍ය ඇගිල්ලන් සහ ඇසිත්තන් අභිජණනය කිරීමටත්, පොකුණු ප්‍රමාණය පුළුල් කිරීමටත් පියවර රාශියක් ගෙන ඇති බවත්, මේ මගින් ජනතාවට අඩු පිරිවැයක් යටතේ ජලජීවී මත්ස්‍ය පරිභෝජනයට ලබාදීම තම අරමුණ බවත් පැවසීය.

විශේෂයෙන් පවතින ඉන්ධන අර්බුදය හමුවේ අඩු පිරිවැයක් යොදා ගනිමින් මත්ස්‍ය සම්පත නෙලා ගැනීම මගින් පාරිභෝගික ජනතාවට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාදීමට ධීවර අමාත්‍යාංශය ලෙස අප සැමවිටම කටයුතු කරමින් සිටින අතරම ඒ මඟින් ධීවර ප්‍රජාවගේ ආර්ථිකය ශක්තිමත් වීමට ද අවස්ථාව උදා වනු ඇත.

මෙම අවස්ථාවට ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ නැගෙනහිර පළාත් භාර නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

Youtube