නිතිවිරෝධි ධීවර කටයුතු නිසා ලංකාවේ ධීවර කර්මාන්තයට සිදු වී ඇති හානිය හා එය නතර කිරීමට ගත යුතු ක්‍රියා මාර්ග පිළිබද විශේෂ සාකච්ඡාවක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන්, උතුරේ ධීවර සංගම් නියෝජිතයන්ගේ හා ඉන්දීය ධීවර සංගම් නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් 2023.03.06 වන දින කච්චතිව් දුපතෙහි පැවැත්විණි.
මෙම හමුවෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වු අමාත්‍යවරයා, ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමා ආක්‍රමණය කරමින් සිදු කරන බොටම් ට්‍රෝලිං ක්‍රමය හේතුවෙන් මත්ස්‍ය සම්පත විනාශ වන අතරම කිසිදු හේතුවක් නිසාවත්, ඔවුන් අපේක්ෂා කරන බොටම් ට්‍රෝලිං කර්මාන්තය සිදු කිරීමට අනුමැතිය ලබා නොදෙන බවත් පැවැසීය.
ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර පැවැත්වීමට නියමිත ද්විපාර්ශික සාකච්ඡා වලින් අනතුරුව ඉන්දීය ධීවරයන්ට ධීවර කර්මාන්තය කරගෙන යායුතු ආකාරය පිළිබදව අවශ්‍ය උපදෙස් ලැබෙනු ඇතැයි තම අපේක්ෂාව බවත්, එහිදී දෙපාර්ශවයටම පිළිගත හැකි සාධාරණ විසදුමක් ලැබෙනු ඇතැයිද තමන් බලාපොරොත්තු වන බවත් පැවසීය.
මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා කියා සිටියේ, ඉන්දීය නීති විරෝධී ධීවර ආක්‍රමණ හමුවේ උතුරු පළාතේ ධිවරයන් දැඩි අසාධාරණයකට ලක්ව ඇති බවත් තමන් ඉන්දීය රජය සමග හොද හිත පවත්වා ගන්මින් මෙම ගැටළුවට විසදුමක් ලබා දීමට උත්සහා කරන අතරම අද දවසේ ඉන්දීය රජය වෙනුවෙන් සහභාගී වු ධීවර සංගම් නියෝජිතයින් අතර සාකච්ඡා ඉතා සාර්ථක වු බවත් ඒ පිළිබදව ඉදිරියේදී පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීද ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන අතරම කෙසේ හෝ නීතිවිරෝධි ධීවර කටයුතු නවතාලීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවද පැවසීය.
මෙම අවස්ථාවට ඉන්දීය රජය වෙනුවෙන් භාරතීය ජනතා පක්ෂයේ තමිල්නාඩු ප්‍රාන්තයේ ධීවර කටයුතු සභාපති බුසාමි, භාරතීය ජනතා පක්ෂ නායක පටිනම් ප්‍රාන්තයේ ධීවර කටයුතු සභාපති ජී මනෝහරන් හා ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ධීවර සංගම් නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී විය.