ලෝක හින්දු ජනතාව විසින් ඉතාමත් උත්සවශ්‍රීයෙන් සමරන තෛපොංගල් දිනයේ ප්‍රධාන නිමිත්ත වනුයේ සූර්ය දිව්‍යරාජයාට නමස්කාර කරමින් සාරවත් කෘෂිකාර්මික පළදාවක් උදාකරගැනීම හා ජන ජීවිතවල සතුට සමාදානය වසර පුරා පැතිරේවායි., යන උතුමි ප්‍රාර්ථනාව මුල්කරගෙන කරන්නා වු විශේෂ සූර්ය දිව්‍යරාජ නමස්කාර පූජාවකි.
දේශීය ටින්මාළු කර්මාන්තය නැංවීම සඳහා විදේශයන්ගෙන් ටින්මාළු ගෙන්වීම 2024.01.11 දින සිට තාවකාලිකව නැවැත්වීමට කටයුතු කරන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා වෙත උපදෙස් ලබා දෙන ලදි.
2024 වර්ෂයේ මිරිදිය කර්මාන්තය නැංවිම සදහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ උපදෙස් පරිදි ධීවර අමාත්‍යංශය හා ජලජිවි වගා සංවර්ධන අධිකාරි මගින් සකස් කොට ඇති උපාය මාර්ගික සැලසුම් පිලිබඳව සාකච්ඡාවක් 2024.01.10 වන දින ධීවර අමාත්‍යංශයේ දි පැවැත්විය.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





