ලංකා ධීවර සංස්ථාව ඩිජිටල්කරණය කිරීමේ පළමු පියවර ලෙස පාරිභෝගික ගෙවීම් සඳහා QR කේත ක්‍රමය හඳුන්වා දීම 2023 ජුනි මස 13 වන දා ගම්පහ ධීවර සංස්ථා අලෙවිසැල් පරිශ්‍රයේදී ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ධීවර දෙපාර්තමේන්තුව ධීවර නිෂ්පාදන අපනයන සහ ආනයන බලපත්‍ර ලබාදීම, ධීවර යාත්‍රා උදෙසා ලබාදෙන V.M.S. තාක්ෂණය ඇතුලු අනෙකුත් බලපත්‍ර සදහාද ගෙවීම් කටයුතු මින් ඉදිරියට ලංකා බැංකුව සමග එක්ව අන්තර්ජාලය හරහා ගෙවීම් කිරීමේ පහසුකම් හදුන්වාදීමේ උත්සවය 2023.06.12 වන දින ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සහ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පසුගියදා හලාවත කලපුව නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේ මතු වු ප්‍රශ්න පිලිබදව සාකච්ඡාවක් 2023.06.06 දින ධීවර අමාත්‍යංශයේදි පැවැත්විණි. මෙම සාකච්ඡාවට හලාවත එක්සත් ධීවර සංගමයේ සභාපති ඇතුලු නිලධාරීන් සහභාගි විය.
නවතම පුවත්
- ශ්‍රී ලංකාව සහ චීනය අතර සාගර විද්‍යා හා ධීවර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා චීනයේදී පවසයි
- බංග්ලාදේශ අත්අඩංගුවේ පසුවූ ශ්‍රී ලාංකික ධීවරයින් 06 දෙනෙකු මාස අටකට පසු නිදහස් කෙරේ
- එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතර හමුවක්: උතුරු පළාතේ සංවර්ධන හා ධීවර ව්‍යාපෘති පිළිබඳ විශේෂ අවධානයක්
- සාගර තාක්ෂණික හුවමාරුව සහ තිරසාර සාගර සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට පියවර - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා චීනයේදී පවසයි
- ධීවර හා ජලජීවී වගා ක්ෂේත්රයේ අඛණ්ඩ පැවැත්ම උදෙසා විධිමත් ඉන්ධන කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි





