ඉතිහාසයේ බලයට පත් නායකයින් ධීවර ජනතාවට විවිධ පොරොන්දු ලබා දී ඔවුන් රැවටීමට ලක් කල බවත්, ධීවර ජනතාව තවදුරටත් රැවටීමට ලක් විය යුතු නැති බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා පැවසිය.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ රාජකීය නෝර්වේ තානාපති කාර්යාලය සමග එක්ව විදේශ කටයුතු අමාත්‍යාංශයේද සහයෝගය ඇතිව සංවිධානය කරන ලද දියයට ජීවය (Blue SDG) හෙවත් 14 වන තිරසාර සංවර්ධන අරමුණ පිළිබඳව වන කලාපීය සමුළුව 2018 ජුනි 21 හා 22 දිනවල කොළඹදී පැවැත්වේ. මෙම සමුළුව 21 වැනි දින පෙ.ව. 9.00 ට මුදල් හා ජන මාධ්‍ය අමාත්‍ය ගරු මංගල සමරවීර හා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ගරු විජිත් විජිතමුණි සොයිසා සහ නොර්වේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගරු ජෙන්ස් ෆ්‍රොලික් හෝල්ට් යන අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් සමාරම්භ කිරීමට නියමිත ය.
නවතම පුවත්
- දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් මිරිදිය ධීවරයින්ට රුපියල් මිලියන 226ක සහන; කර්මාන්තය දෙගුණයකින් දියුණු කිරීමට රජයෙන් කඩිනම් සැලැස්මක්
- ආපදාවෙන් පීඩාවට පත් ධීවර ක්ෂේත්රය ගොඩනැගීමට වියට්නාම තානාපතිගෙන් සහතිකයක්; විසිතුරු මසුන් සහ ඉස්සන් කර්මාන්තයට විශේෂ අවධානයක්
- ලංකා ධීවර සංස්ථාව "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන සමඟ පරිවර්තනීය වසරක් අරඹයි..
- ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු තානාපතිවරයා මැතිව් ඩක්වර්ත් අද 14.01.2025 යාපනයේ පිහිටි ජාතික ජන බලවේගයේ කාර්යාලයට ගියේය.
- අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගෙන් පොංගල් සුබ පැතුම් පුවත්





