මෙරට ධිවර කර්මාන්තයේ නියැළෙන බහුදින ධීවර යාත්‍රා සඳහා සහන මිලට ඉන්ධන ලබා දිමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරිම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සහ IOC සමාගමේ නියෝජිතයන් අතර 2023/11/27 වන දින ධිවර අමාත්‍යංශයේදී පැවැත්විණි.
මෙහිදි අදහස් දැක් වු IOC නියෝජිතයන් පවසා සිටියේ, දැනට ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාව මඟින් ලංකාවේ ධීවර වරායන්හි ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන නිකුත් කරනු ලබන මිල සන්සන්දනය කර, එම මිලට වඩා සහන මිලට ඉන්ධන නිකුත් කිරිමට තම සමාගමට හැකියාව පවතින බවයි.
තවද, දැනට වරායන්වල පවතින ඉන්ධන හල් ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාව සතුවන බවත්, එම ඉන්ධන හල් සඳහා සිය සමාගමේ ඉන්ධන ලබා දිමට කටයුතු කිරිමේදි ගැටුම් ඇතිවිය හැකි බැවින්, ධීවර වරායන් තුළ සිය සමාගමට වෙනම ඉන්ධන හලක් පවත්වා ගෙන යාමට ඉඩ ලබා දෙන්නේ නම්, ඩිසල් මිල රු.351/= ක වඩා අඩු මිලකට ලබා දිමට ඇති හැකියාව සොයා බලන බව නියෝජිත පිරිස සඳහන් කරන ලදි.
මෙහිදි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසා සිටියේ, රට තුළ බහුදින ධිවරයින් මෙන්ම එක් දින ධීවරයින් දැඩි අපහසුතාවට පත්ව ඇති බැවින් ඔවුන්ට ඉන්ධන සහනයක් ලබා දිම සිදු කළ යුතුව ඇති බවයි. මේ සදහා IOC හි සහයෝගය අපේක්ෂා කරන බවත්, ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාව සමඟ ගැටුමක් ඇති නොවන පරිදි එය සිදු කිරීම ඛනිජ තෙල් අමාත්‍යංශය මඟින් ලබා ගත හැකි සහයෝගය ලබා ගැනිමට කටයුතු කරන බවත් පැවසිය.
මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශ ලේකම් ඉන්දු රතනායක මහත්මිය, IOC සමාගමේ නියෝජිතයින් මෙන්ම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමෙන්තුවේ අධ්‍යක්ෂ ජ්නරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.