සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගෙන් මුදාගෙන දැනට සීෂෙල්ස් හි රඳවා තිබෙන ලොරොන්සෝ පුතා – 4 ධීවර යාත්‍රාව සහ එහි සිටින ධීවරයන් ඉදිරි දෙසතිය තුළ මෙරටට ගෙන්වා ගැනීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා අමාත්‍යාංශ ලේකම්වරිය ප්‍රමුඛ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.
උතුරු පළාතේ සංවර්ධනය හා ජනතාවගේ ආර්ථික තත්ත්වය නඟා සිටුවීම සඳහා 2024 අයවැයෙන් විශාල මුදල් ප්‍රමාණයක් වෙන්කර දීමට ජනාධිපතිතුමන් පියවර ගෙන ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

දේශීය ටින්මාළු කර්මාන්තය නංවාලීමට අවශ්‍ය සියලු සහයෝගය රජයෙන් ලබා දෙන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය. දැනටමත් විදේශීය ටින්මාළු ගෙන්වීම පාලනය කර ඇති බවත් මේ කරුණු සැලකිල්ලට ගෙන දේශීය ටින්මාළුවල තත්ත්වය උසස් කිරීමට ටින්මාළු නිෂ්පාදකයන් පියවර ගත යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





