ධීවරයන් විසින් ජනාධිපතිතුමාන් ඇතුළු රජය වෙත නිරන්තරයෙන් ඉදිරිපත් කරන ප්‍රධාන ගැටළුවක් වන ඉන්ධන ප්‍රශ්ණය, මාළු විදේශ වලින් ආනනයනය කිරීම, සහ ධීවර ආම්පන්නවල මිළ ගණන් ඉහළ යාම යන ගැටළුවලට ජනාධිපතිතුමන් කඩිනමින් විසදුම් ලබා දෙන බවට තමන්ට පොරොන්දු වී ඇති බව, ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා 26-01-2024 දින, වැල්ලමංකර පැවති ධීවර ජනතාවට වෛද්‍ය පරීක්ෂණ පවත්වා වෛද්‍ය සහතික නිකුත් කිරීම සහ ප්‍රථමධාර කට්ටල බෙදා දීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප්‍රකාශ කලේය.

තමන් විනෝදයට දේශපාලනය නොකරන බවත්, රටේ වර්තමාන තත්ත්වය අවබෝධ කර ගනිමින්, ජනතාව වැටි තිබේන ආර්ථික අවපාතයෙන් ගොඩ ගැනිම සදහා ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට ගත හැකි සැම ක්‍රියාමාර්ගයක්ම ගනිමින් සිටින බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා, මිරිදිය ධීවර සංගම් කිහිපයක නියෝජිතයින් අමතා 2024.01.17 දින කිලිනොච්චියේ දි පැවසිය.

මන්නාරම් දිස්ත්‍රික්කයේ ධීවරයන්ගේ ජීවනෝපාය සම්බන්ධයෙන් මතු වී ඇති ගැටළු පිළිබඳ සාකච්ඡාවක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.01.14 වන දින මන්නාරම් දිස්ත්‍රික් ධීවර දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





