ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සම්බන්ධව ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ මැදිහත්වීමෙන්, ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් සත්‍යංඡල් පාන්ඩේ මහතාත් සමග ශ්‍රී ලංකාවට පැමිණි ධීවර ක්ෂේත්‍රයේ කටයුතු කරන ඉන්දීය විද්වතුන් පිරිසක් පසුගිය 23 වන දින ධීවර අමාත්‍යවරයා හා ධීවර අමාත්‍යංශය, ධීවර දෙපාර්තමෙන්තුව, නාරා ආයතනය, නැක්ඩා යන ආයාතන වල නියෝජිතයින් සමග සිදු කළ සාකච්ඡාවෙන් පසු, සතියකට අධික කාලයක් ශ්‍රී ලංකාව පුරා ධීවර දිස්ත්‍රික්ක 15ක් සහ මිරිදිය ක්ෂේත්‍රයට අදාළ දිස්ත්‍රික්කවලද සංචාරය කරමින් ඔවුන්ලබාගත් දත්ත හා නිරීක්ෂණ පිළිබදව වාර්තාවක් 2023.10.02 වැනි දින ධීවර අමාත්‍යංශයේදි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රමුඛ නිලධාරීන්ට ඉදිරිපත් කරන ලදි.
මෙහිදි ඔවුන් ශ්‍රී ලංකාවේ ධීවර සම්පත් දියුණු කිරීම සදහා, විශේෂයෙන් කූඩු තුළ මත්ස්‍යන් ඇති කිරීම සදහා ගන්නා වු ක්‍රියාමාර්ග සංවර්ධනය කිරීමටද, ඉස්සන්, මුහුදු කූඩැල්ලන් වැනි වගාවන් දියුණු කිරීම, අභිඡණන මධ්‍යස්ථාන ඇති කිරීම පිළිබදව ගත යුතු ක්‍රියාමර්ග පිළිබදව දීර්ඝ වාර්තාවක් ඉදිරිපත් කරන ලදි.
තවද ආටිමියා වගාව ස්ථාපනය කිරීමට ඉන්දියාවෙන් සිදුකරන ආධාර උපකාර පිළිබදවද එම නියෝජිතයින්ගේ අදහස් ඉදිරිපත් විය. විශේෂයෙන් බස්නාහිර පළාතේ ත්‍රිකුණාමලය, මඩකලපුව දිස්ත්‍රීක්කවල ධීවර කටයුතු සංවර්ධනය කිරීම සදහා අවශ්‍ය සැළසුම් ඉදිරිපත් කරන ලෙසද මෙහිදි එම නියෝජිතයින් ඉල්ලීමක් කරන ලදි. මත්ස්‍ය වගාව සංවර්ධනය කිරීම සදහා ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුමක් සකස් කිරීම පිළිබදවද මෙම නියෝජිතයින්ගේ අදහස් ඉදිරිපත් විය.
විසිතුරු මත්ස්‍ය වගාව සංවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම ගැනද විසිතුරු මත්ස්‍යන් වගාකිරීම තුළින් විශාල ලෙස විදේශ විනිමය උපයාගත හැකි බවද නියෝජිත පිරිස පෙන්වාදෙන ලදි.
මෙහිදි අදහස් දැක්වු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා, ඉන්දියානු විද්වතුන් පිරිස ශ්‍රී ලංකාවේ කරන ලද මෙම නිරීක්ෂණ අතිශය වැදගත් බවත්, ඒ අනුව නැක්ඩා, නාරා ආයතනයත් ධීවර දෙපාර්තමේන්තුවත් මැදිහත්ව ඉන්දියානු විද්වතුන්ගේ නිරීක්ෂණ වාර්තාව පදනම් කරගෙන අදාළ ව්‍යාපෘති සකස්කරවාගෙන හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරීම සදහා ඉන්දියානු රජයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කළේය.
මෙහිදි මෙම වාර්තාව ඉදිරිපත් කිරීම ඉන්දියානු විද්වතුන් පිරිසේ ආචාර්ය බොබ්ලි හා ආචාර්ය ගෞතම් යන මහත්වරුන් විසින් සිදු කරන ලදි.
මෙම අවස්ථාවට ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා, ධීවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් සත්‍යංඡල් පාන්ඩේ මහතා, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් සුසන්ත කහවත්ත මහතා, නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අශෝකා මහත්මිය, නාරා ආයතනයේ සභාපතිතුමා ඇතුලු නිලධාරීන් රැසක් සහභාගි විය.