en banner

DVXzPiEX4AAknvJඅතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේත්, ධීවර අමාත්‍ය ගරු ඩග්ලස් දේවානන්දා මැතිතුමාගේ, ධීවර රාජ්‍ය අමාත්‍ය ගරු පියල් නිශාන්ත මැතිතුමාගේත් උපදෙස් හා මග පෙන්වීම් පරිදි ධිවර අමාත්‍යාංශය හා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් ධීවර ක්ෂෙත්‍රයේ උන්නතිය උදෙසාත් ධීවර හා ජලජ සම්පත්, දීර්ඝ කාලීනව සංරක්ෂණය හා කළමණාකරණය කරමින් තිරසාර ලෙස නෙලාගැනීමත් අරමුණු කොට ගනිමින්, දැනට පවත්නා 1996 අංක 02 දරණ ධීවර හා ජලජ සම්පත් පනත අහෝසි කරමින් නව පනතක් හදුන්වාදීමේ කටයුතු සිදු කරමින් පවතී.

මෙම කාර්ය සාක්ෂාත් කර ගැනීම උදෙසා ධීවර ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශවකරුවන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට තීරණය කර ඇත.

ඒ අනුව අදාල පාර්ශවකරුවන්ගේ යෝජනා හා  අදහස් ද සැලකිල්ලට ගනිමින් අවසාන කෙටුම්පත සකස් කර ගරු අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතියට කඩිනමින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.

එම නිසා අදාල පාර්ශවකරුවන්ගේ යෝජනා හා අදහස් 2023 ඔක්තෝම්බර් මස 15 දිනට ප්‍රථම ධීවර අමාත්‍යාංශයේ ලේකම් වෙත ලැබීමට සලස්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

මෙම පනත් කෙටුම්පත අවශ්‍ය පාර්ශවයකට ධීවර දෙපාර්තමේන්තුවේ https:/www.fisheriesdept.gov.lk දරණ වෙබ්අඩවියෙන් හෝ සියළුම ධීවර දිස්ත්‍රික් වල සහකාර අධ්‍යක්ෂක කාර්යාල වලින්ද ලබා ගත හැක.

Youtube