en banner

WhatsApp Image 2023 11 07 at 09.18.13

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති H.E MIZUKOSHI HIDEAKI මහතා, 2023.11.06 වැනි දින ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හමුවිය. අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලීම මත, ශ්‍රී ලංකාවේ ධීවර කටයුතු සංවර්ධනය කිරීම සදහා, ජපන් රජයෙන් ලබාදීමට තීරණය කර ඇති, ශ්‍රී ලංකා රුපියල් මිලියන 435ක් පිළිබදව මෙහිදී සාකච්ඡා කරන ලදි.

මෙම මුදල්, ශ්‍රී ලංකාවේ ධීවර කටයුතු සංවර්ධනය සදහා යෙදෙවන අතර, ඉන් ධීවර ජනතාවට අවශ්‍ය දැල් ආම්පන්න ලබාදීම, ධීවර සංස්ථාවට හා ලංකා ධීවර නීතිගත සංස්ථාවට අයත් ශීතාගාර සංවර්ධනය කිරීමට සහ ධීවර යාත්‍රා වලට අවශ්‍ය ඉන්ධන සහනාධාර ලබා දිම උදෙසාත් යෙදවීමටද කටයුතු කරනු ඇත.

තවද, භූමිතෙල් වලින් ධාවනය වන බෝට්ටු වෙනුවට විදුලි කෝෂ සහිත බෝට්ටු එංජින් ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙල, පිළිබඳව ජපන් තානාපතිවරයා සමග සාකච්ඡා කල අමාත්‍යවරයා, එය ක්‍රියාත්මක කිරීමට ජපන් රජයේ ආධාරයක් ලබාදිමට පියවර ගන්නේනම් අතිශය කෘතඥවන බවද පැවසීය.

එමෙන්ම, ධීවර ජනතාවගේ සුභ සිද්ධිය සදහාත්, ධීවර කටයුතු සංවර්ධනය කිරිම උදෙසාත් ගතහැකි සියළු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදි.

මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, ධීවර දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි විය.

 

Youtube