en banner

mini douglas devananda

ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ මුහුදු පැළෑටි වගාවට සුදුසු පරිසරයක් පැවතීම තුළ විදේශිය ආයෝජකයෝ බොහෝමයක් මෙම අංශයේ ආයෝජනය කිරීම කෙරේහි වැඩි උනන්දුවක් දක්වති.

 

ඒ අනුව ඉන්දීය සහ නෙදර්ලන්ත ආයොජකයින් පිරිසක් 2023/11/27 දින ධිවර අමාත්‍යංශයේදි අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හමු වී මේ පිළිබඳ සාකච්ඡා සිදු කරන ලදී.

මෙහිදි අදහස් දැක්වු  Carbon & Blueplant  ආයතනයේ සභාපති පවසා සිටියේ, උතුරු පළාතේ සෙට්ටිකුලම් හා අම්බිගෙයිනගර් ප්‍රදේශවල අක්කර 100 ක ප්‍රමාණයක මුහුදු පැලෑටි වගාව සිදු කිරිමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත් තවත් ප්‍රදේශවලට මෙම වගාව ව්‍යාප්ත කිරිම තම අරමුණ බවත් ය.

මේ පිළිබද වසර 30 කට අධික කාලයක පළපුරුද්දක් සිය ආයතනයට පවතින බව පැවසු ඒ මහතා ප්‍රදේශයේ 600 ක පමණ පිරිසකට රුකියා අවස්ථා උදා කර දිමට හැකියාව පවතින බවත් මසකට රු. 50,000/= කට අධික අදායමක් ඉපැයිමට හැකි වන පරිදි පුහුණුව ලබා දිමට තම ආයතනය පියවර ගන්නා බවත් පැවසීය. ඒ සඳහා අමාත්‍යංශයේ සහයෝගය ලබා දෙන ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටින ලදි.

මෙම පිරිස ඇමතූ අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා උතුරු පළාත තුළ මුහුදු කුඩැල්ලන්, ඉස්සන්, කකුළුවන් මෙන්ම මුහුදු පැලෑටි වගාව සදහා ආයෝජන ව්‍යපෘති කිරිමේදි ප්‍රදේශවාසින් හා සමිබන්ධ වී ඔවුන්ගේ සහයෝගය ඇතුව එම ව්‍යාපෘති සිදු කල යුතු බවත් පැවසිය. තවද උතුරු පළාතේ පමණක් නොව ලංකාවේ බොහෝ ප්‍රදේශවල මුහුදු පැළෑටි වගාව සිදු කළ හැකි බවත් තමන්, මෙම වගාබිම් ඉදිරියේදී නිරික්ෂණය කිරිමෙන් අනතුරුව ඒ පිළිබඳ තීරණයක් ගන්නා බවත් පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමෙන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සහ Carbon & Blueplant  ආයතනයේ නියෝජිත පිරිසක්ද සහභාගි වූහ.

Youtube