en banner

WhatsApp Image 2025 11 03 at 13.14.58ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, දිවයිනේ ප්‍රමුඛතම ජලජ ශාක පටක වගා සහ අපනයන මධ්‍යස්ථානය වන රුවිනි ගොවිපලේ විශේෂ සංචාරයක නිරත විය.

අමාත්‍යවරයා ගොවිපලේ නිෂ්පාදන පහසුකම්, වගා ටැංකි සහ අපනයන සැකසුම් ඒකක පරීක්ෂා කිරීමෙන් අනතුරුව කර්මාන්ත විශේෂඥයින් හා ගොවීන් සමඟ සාකච්ඡාවකද නිරත විය.

එහිදී, පිරිවැය ඉහළ යාම, තත්ත්ව සහතික ලබා ගැනීමේ අපහසුතා, තාක්ෂණික සහාය හිඟය හා අපනයන තරඟකාරිත්වය යන ගැටළු පිළිබඳව සාකච්ඡා කරන ලදී.

මෙහිදී අමාත්‍යවරයා තිරසාර ලෙස කර්මාන්තයේ සංවර්ධනය සඳහා රජයේ සහාය සහ නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පැවසීය.

මෙම සංචාරයට අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී .කේ. කෝලිත කමල් ජිනදාස මහතා ඇතුළු ගොවිපල කළමනාකරණ සහ තාක්ෂණික කාර්ය මණ්ඩලය ද සහභාගී විය.

WhatsApp Image 2025 11 03 at 13.15.04

 

 

Youtube