ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය දිවයින පුරා විසිරි සිටින ධීවර ප්‍රජාවගේ ගැටළු විසඳාලීමට පිහිටුවා ඇති ධීවර මහා සම්මේලනය පසුගිය කාළයේ අක්‍රියව තිබූ අතර වර්තමාන ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අමාත්‍යංශයේ වැඩ භාර ගැනීමත් සමග ජාතික ධීවර මහා සම්මේලනයට නව ජීවයක් ලබා දෙමින් එහි මහලේකම් ලෙස අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් නෙල්සන් එදිරිසිංහ මහතා පත් කරමින් දිවයින පුරා විසිරී තිබෙන ග්‍රාමීය සංගම් ඒකරාශී කරමින් ඔවුන්ගේ ගැටළු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබිණ.
ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් තම අමාත්‍යාංශයට අදාල ආයතනයන් සඳහා ඉහළ නිලධාරීන් පත් කර ඇත.
ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික ජලජ සම්පත් පර්යේෂණ සංවර්ධන නියෝජිත ආයතනයේ (නාරා) නව අධ්යක්ෂ ජනරාල් ලෙස අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් පත් කරන ලද තුෂාර චමින්ද ලොකුකුමාර මහතා 2020.01.30 දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් තම තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදී.
නවතම පුවත්
- දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් මිරිදිය ධීවරයින්ට රුපියල් මිලියන 226ක සහන; කර්මාන්තය දෙගුණයකින් දියුණු කිරීමට රජයෙන් කඩිනම් සැලැස්මක්
- ආපදාවෙන් පීඩාවට පත් ධීවර ක්ෂේත්රය ගොඩනැගීමට වියට්නාම තානාපතිගෙන් සහතිකයක්; විසිතුරු මසුන් සහ ඉස්සන් කර්මාන්තයට විශේෂ අවධානයක්
- ලංකා ධීවර සංස්ථාව "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන සමඟ පරිවර්තනීය වසරක් අරඹයි..
- ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු තානාපතිවරයා මැතිව් ඩක්වර්ත් අද 14.01.2025 යාපනයේ පිහිටි ජාතික ජන බලවේගයේ කාර්යාලයට ගියේය.
- අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගෙන් පොංගල් සුබ පැතුම් පුවත්





