නිතිවිරෝධි ධීවර කටයුතු නිසා ලංකාවේ ධීවර කර්මාන්තයට සිදු වී ඇති හානිය හා එය නතර කිරීමට ගත යුතු ක්‍රියා මාර්ග පිළිබද විශේෂ සාකච්ඡාවක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන්, උතුරේ ධීවර සංගම් නියෝජිතයන්ගේ හා ඉන්දීය ධීවර සංගම් නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් 2023.03.06 වන දින කච්චතිව් දුපතෙහි පැවැත්විණි.
මෙරට ධීවරයින් සාගරය භාවිතා කරමින් සිදුකරනු ලබන ලයිට් කෝස්, හැඹිලි දැල් ආදී නිතිවිරෝධී ධීවර කටයුතු මුළුමනින්ම නවතා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා 2023.02.21 වන දින ධීවර අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.
රට තුළ සිදු කරනු ලබන ජලජීවි වගා ව්‍යාපෘති සඳහා අදාළ ඉඩම් විද්‍යානුකූලව හඳුනාගෙන එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී සිදුවන අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වා ජනතාව තුළ ජල ජලජීවී වගාව ප්‍රවර්ධනය කිරීමට කඩිනමින් කටයුතු කළ යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කරන ලදි.
නවතම පුවත්
- දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් මිරිදිය ධීවරයින්ට රුපියල් මිලියන 226ක සහන; කර්මාන්තය දෙගුණයකින් දියුණු කිරීමට රජයෙන් කඩිනම් සැලැස්මක්
- ආපදාවෙන් පීඩාවට පත් ධීවර ක්ෂේත්රය ගොඩනැගීමට වියට්නාම තානාපතිගෙන් සහතිකයක්; විසිතුරු මසුන් සහ ඉස්සන් කර්මාන්තයට විශේෂ අවධානයක්
- ලංකා ධීවර සංස්ථාව "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන සමඟ පරිවර්තනීය වසරක් අරඹයි..
- ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු තානාපතිවරයා මැතිව් ඩක්වර්ත් අද 14.01.2025 යාපනයේ පිහිටි ජාතික ජන බලවේගයේ කාර්යාලයට ගියේය.
- අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගෙන් පොංගල් සුබ පැතුම් පුවත්





