SLIC (ස්ලික්) පුද්ගලික සමාගම ලංකාවේ ප්‍රථම වරට කල්තබා ගත හැකි සැමන් පැකට්ටුවක් වෙළඳපොලට නිකුත් කරයි.
ලංකාවේ පළමුවතාවට SLS සහතිකය ලත් දේශීය ටින් මාළු සමාගමක් වන SLIC ආයතනය විසින් සිය නවතම නිෂ්පාදනය වන කල්තබාගත හැකි ජැක් මැකරල් සැමන් බෑගයක් නිෂ්පාදනය කර වෙළඳපලට නිකුත් කිරීම 2024.06.21 වන දින ධීවර අමාත්‍යාංශයේ දී සිදු විය.

ධීවර අමාත්‍යංශයේ හිටපු ලේකම් නයනා කුමාරි සොමරත්න මෙනවිය විශ්‍රම යාමෙන් පසු නව ලේකම් ලෙස පත් කොට ඇති නිශාන්ත වික්‍රමසිංහ මහතා 2024.06.19 දින ධීවර අමාත්‍යංශයේදි සිය ධුරයේ වැඩ භාර ගත්තේය.
සෝමාලියා මුහුදු මංකොල්ල කරුවන් විසින් දැනට මාස දෙකකට ඉහතදි පැහැරගනු ලැබු ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සීෂෙල්ස් මුහුදු ආරක්ෂක හමුදාව විසින් මුදාගත් පසු, ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම සදහා රාජ තාන්ත්‍රික වශයෙන් කලයුතු සියලු කටයුතු ඉටුකර ඇති බවත්, ඔවුන්ගේ පවුල්වල නඩත්තුව සදහා අවශ්‍ය මුදල් ආධාරද ධීවර අමාත්‍යවරයා ලෙස තමන්ට හැකි පමණින් සළසා තිබෙන බවද ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





