පසුගිය වකාවානුවේ දේශගුණික විපර්යාස හා නිරිත දිග මෝසම් සුළං හරිහැටි ක්‍රියාත්මක නොවීමෙන් හා වාරකන් කාලය හේතුකොට ගෙන සීග්‍රයෙන් ඉහල ගිය මාලු මිල මේ වන විට විශාල ලෙස පහල බැස ඇති බව ධීවර සංස්ථාවේ සභාපති ඩී.බී.උපුල් මහතා 2023.08.16 අද දින ධීවර අමාත්‍යංශයේදි වාර්තා කලේය.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භෝග වන තේ, රබර්, පොල් වලට අමතරව වැඩිම අපනයන ආදායමක් ලබා දෙන ඉස්සන් කර්මාන්තය නංවාලීම සදහා අවශ්‍ය සම්පූර්ණ රාජ්‍ය සහයෝගය ධීවර අමාත්‍යාංශය මගින් ලබා දෙන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා 2023.08.11 වන දින ධීවර අමාත්‍යාංශයේදී පැවති ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන සංගමයේ නියෝජිතයන්ගේ (SLADA) හා ඊට අදාල අමාත්‍යාංශයේ ආයතන වන නැක්ඩා, නාරා හා ධීවර දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියේය.
තහනම් පන්න ක්‍රමයක් වන ඩයිනමයිට් හා වෙඩිබෙහෙත් යොදාගනිමින් සිදුකරන මසුන් මැරීම නැවැත්වීම සදහා අවශ්‍ය සියළු පියවර කඩිනමින් ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා 2023.08.10 වන දින ධීවර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කලේය.
නවතම පුවත්
- ශ්‍රී ලංකාව සහ චීනය අතර සාගර විද්‍යා හා ධීවර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා චීනයේදී පවසයි
- බංග්ලාදේශ අත්අඩංගුවේ පසුවූ ශ්‍රී ලාංකික ධීවරයින් 06 දෙනෙකු මාස අටකට පසු නිදහස් කෙරේ
- එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතර හමුවක්: උතුරු පළාතේ සංවර්ධන හා ධීවර ව්‍යාපෘති පිළිබඳ විශේෂ අවධානයක්
- සාගර තාක්ෂණික හුවමාරුව සහ තිරසාර සාගර සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට පියවර - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා චීනයේදී පවසයි
- ධීවර හා ජලජීවී වගා ක්ෂේත්රයේ අඛණ්ඩ පැවැත්ම උදෙසා විධිමත් ඉන්ධන කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි





