ලංකාවට විදේශ විනිමය උපයන මාර්ග අතුරෙන් විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සහ ජලජ පැළෑටි කර්මාන්තය ප්රමුඛව සැලකෙන අතර මෙම කර්මාන්තයට නැඹුරුවන වගාකරුවන් වැඩි කිරීම සඳහා ධීවර අමාත්‍යාංශය සහ ජලජීවී වගා සංවර්ධන අධිකාරිය මේ වන විට සැලසුම් සකස් කරමින් පවති.
පාරිභෝගික ජනතාව තුළ මිරිදිය මත්ස්‍ය පරිභෝජනය සඳහා ඇති ඉල්ලුමට සරිලන ආකාරයේ නිෂ්පාදනයක් ලබාදිම සඳහා රට පුරා අභ්‍යන්තර ජලාශවල ජලජීවි කර්මාන්තය ශීඝ්‍ර වර්ධනයක් ඇති කිරීමේ අරමුණ ඇතිව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ගෙනයන වැඩපිළිවෙළ යටතේ, නැගෙනහිර පළාතේ ජලජීවී අභිජණන මධ්‍යස්ථානවල පවතින අඩුපාඩු සොයා බැලීම සඳහා 2023.04.09 දින නැගෙනහිර පළාතේ සංචාරයක නිරත විය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර හේතුවෙන් ධීවර කටයුතු කිරීමට නොහැකි වු ධීවරයන් සදහා හතරවෙනි වටයේ වන්දි ලබා දීම එළැඹෙන 2023.04.10 වන දින සිට සිදුකිරීමට මේ වන විටත් සැලසුම් කර ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
නවතම පුවත්
- ගංවතුරෙන් විපතට පත් ධීවර ක්ෂේත්රයට ඕස්ට්‍රේලියානු සහය; යාත්‍රා නිරීක්ෂණ පද්ධතියට අඛණ්ඩ දායකත්වය ලබා දෙන බවටත් සහතිකයක්
- සාමය, සෙනෙහස හා නව බලාපොරොත්තු පිරි සුබ නත්තලක් වේවා!
- නත්තල් උත්සවය ආදරය, සාමය සහ ජාතික සමගිය පිළිබඳ උතුම් පණිවිඩය රැගෙන එයි – ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්
- ධීවර ක්ෂේත්රයට රුපියල් කෝටි 765කට අධික ගංවතුර හානියක්; කර්මාන්තය යළි ගොඩනැගීමට අමාත්‍ය චන්ද්‍රසේකර්ගෙන් පුළුල් ප්‍රතිසාධන සැලැස්මක්
- ආපදාවෙන් පසු ධීවර ක්ෂේත්රය ගොඩනැගීමට ජයිකා (JICA) ආයතනයේ සහය!





