නවතම පුවත්
-
ඉන්දීය ධීවර යාත්‍රා මගින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සිදුකරන අනවසර ධීවර කටයුතු වැළැක්වීම සඳහා ඉන්දු- ශ්‍රී ලංකා සාකච්ඡා යළිත් පැවැත්වේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ධීවර කටයුතු පිළිබඳ ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවේ 6 වන නිලධාරී මට්ටමේ රැස්වීම 2024 ඔක්තෝබර් 29 වන දින කොළඹදී පැවැත්විණි. උතුරු නැගෙනහිර ප්‍රදේශ ආශ්රිත ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ඉන්දීය ධීවර යාත්‍රා මගින් සිදුකරන තහනම් ධීවර කටයුතු වැළැක්වීම මෙම කමිටුව පිහිටුවීමේ ප්‍රධාන අරමුණයි. 2022 මාර්තු මස අවසන් වරට රැස්වූ මෙම කමිටුව නැවතත් රැස්වූයේ වසර දෙක හමාරකට ආසන්න කාල පරිච්ඡේදයකින් පසුවය. උතුරු නැගෙනහිර ප්‍රදේශ ආශ්රිත ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඉන්දීය යාත්‍රා ඇතුළුවීම වැළැක්වීම සඳහා දෙරටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන්ගේ ඒකාබද්ධ මුර සංචාර තර කිරීම, දෙරට විසින් අත්අඩංගුවට ගත් ධීවරයින් සම්බන්ධ නීතිමය කටයුතු අවසන් කිරීමෙන් පසු එම ධීවරයන් කඩිනමින් නිදහස් කිරීම, දෙරටේ වෙරළ ආරක්ෂක බළකායන් විසින් පවත්වාගෙන යනු ලබන හදිසි ඇමතුම් යාන්ත්‍රනය ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී මියගිය ඉන්දීය ධීවරයන් පිළිබඳ පවත්වන පරීක්ෂණවල වර්තමාන තත්ත්වය සොයා බැලීම, සහ දෙරටේ පර්යේෂණ ආයතන විසින් ධීවර ක්ෂේත්රයට අදාළ ඒකාබද්ධ පර්යේෂණ පැවැත්වීම යන කරුණු පිළිබඳව මෙවර රැස්වීමේදී විශේෂ අවධානය යොමු විය. ඉන්දීය ධීවර යාත්‍රා මගින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සිදු කරන යාන්ත්‍රික පතුලේ ඇදගෙන යන දැල් භාවිතය (Bottom trawling) හේතුවෙන් සාගර සම්පත්වලට සිදුවන හානිය පිළිබඳව හා එය වැළැක්වීමට ක්‍රියා කිරීමේ වැදගත්කම පිළිබඳව ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් විසින් මෙහිදී කරුණු අවධාරණය කරන ලදී. මීට අමතරව, ශ්‍රී ලංකාවේ බහුදින යාත්‍රාවලට අරාබි මුහුදට ගමන් කිරීමට සහ ආපසු පැමිණීමට පහසුකම් සැලසීම සඳහා ඉන්දීය මුහුදු සීමාව හරහා ප්‍රවේශ මාර්ගයක් ලබාදෙන ලෙස කර ඇති ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාරයක් ලබා දෙන ලෙසද ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම විසින් ඉල්ලා සිටින ලදී. ධීවර කටයුතු පිළිබඳ ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ රැස්වීම් නිතිපතා පැවැත්වීමටත්, එකඟ වූ කරුණු පිළිබඳ ප්‍රගතිය අධීක්ෂණය කිරීමටත් දෙපාර්ශයේ එකඟතාවය පළවිය. ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ, ධීවර කටයුතු අතිරේක ලේකම් ධම්මික රණතුංග, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල් නිලූක කදුරුගමුව, අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ඩි ආබෲ, නාවික කොමදෝරු ඒ. ඩී. වීරසිංහ ඇතුළු පිරිසකගෙන් සමන්විත විය. ඉන්දීය ධීවර කටයුතු ලේකම් ආචාර්ය අභිලක්ෂ් ලික්හි, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ශ්‍රී පුනීට් අග්‍රවාල්, ඉන්දීය ධීවර කටයුතු ඒකාබද්ධ ලේකම් නීටු ප්‍රසාද් ඇතුළු පිරිසක් ඉන්දීය රජය වෙනුවෙන් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
-
කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් පෙනී සිටිනවා
-
ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක්
-
නව ලේකම්වරයා පත්කිරීම
-
උතුරු නැගෙනහිර පළාත්වල ධීවර පවුල් සදහා චින රජයෙන් ලැබුණු සහල් සහ දැල් ආම්පන්න බෙදා දීමට කටයුතු කරයි.