මත්ස්‍ය අපනයනයෙන් විශාල විදෙස් මුදල් ප්‍රමාණයක් රටට ලැබීමට තිබුණත් ඒවා නිසියාකාරව රටට නොලැබෙන බවත් රට මුහුණ පා තිබෙන මෙවැනි විශාල ආර්ථික අර්බුධයක් තුලදී එසේ රටට නිත්‍යානුකූලව ලැබීමට ඇති මුදල් රටට ලැබීමට සැලස්වීම සියලුම අපනයනකරුවන්ගේ යුතුකම හා වගකීම බවද ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මත්ස්‍ය අපනයනකරුවන් සමග 2023.03.20 වන දින ධීවර අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී පැවසීය.
මෑත කාලීනව කිහිප ගුණයකින් ඉහළ ගිය ධීවර ආම්පන්න මිල ගණන් ඉදිරි මාස කිහිපය තුළ යම් පමණකින් හෝ පහළ වැටෙනු ඇතැයි ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පවසයි.
නිතිවිරෝධි ධීවර කටයුතු නිසා ලංකාවේ ධීවර කර්මාන්තයට සිදු වී ඇති හානිය හා එය නතර කිරීමට ගත යුතු ක්‍රියා මාර්ග පිළිබද විශේෂ සාකච්ඡාවක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන්, උතුරේ ධීවර සංගම් නියෝජිතයන්ගේ හා ඉන්දීය ධීවර සංගම් නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් 2023.03.06 වන දින කච්චතිව් දුපතෙහි පැවැත්විණි.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





