en banner

WhatsApp Image 2021 01 17 at 9.55.04 PM 1පසුගියදා උඩවලව ධීවර තොටුපල කටයුතු නිරීක්ෂණය කිරීම සදහා සංචාරයක නිරත වු ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ශ්‍රී ලංකාවේ ජල මුලාශ්‍ර වලින් 2% ට අඩු ප්‍රමාණයක් පමණක් තවමත් මිරිදිය මත්ස්‍ය කර්මාන්තය වෙනුවෙන් උපයෝගී කර ගන්නා බවත් ධීවර කර්මාන්තය දියුණු කිරීමට නම් මීට වඩා ජලාශ, වැව්, පොකුණු, ගංගා, විල්ලු, කාලීන ජලාශ, භාවිතා කල යුතු බවත් ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලේය.

තවද අමාත්‍යාවරයා පැවැසුවේ මෙවර අයවැය තුලින් ලක්ෂ 3900ක මුදලක් මත්ස්‍ය පැටවූ සහ ඉස්සන් පැටවූ නොමිලේ තැන්පත් කිරීමටද වෙන් කර ඇති බවත්ය. ජලජීවී වගා සංවර්ධන අධිකාරියට නොමිලේ පැටවූ තැන්පත් කිරීමට මීට පෙර වෙන්වූ උපරිම මුදල වුයේ ලක්ෂ 300ක් බවද එමගින් මෙරට මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීමට රජය දක්වන උනන්දුව පැහැදිලි වන බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.

මිරිදිය ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම තුලින් නව ධීවර ව්‍යවසායකන් බිහි කිරීමට මෙන්ම රටේ ප්‍රෝටීන අවශ්‍යතාවයද, අපනයන ආදායමද ඉහළ නැංවීමට හැකියාවක් පවතින බවත් එතුමා විසින් අවධාරණය කරන ලදි. මෙම වැව් ආශ්‍රිතව ධීවර කර්මාන්තය කරන ධීවර සාමාජිකයන් 300ක් පමණ සිටින අතර ඔවුන්ගෙන් එක් සාමාජිකයකුට මාසිකව අවම වශයෙන් ලක්ෂ 3ක පමණ අදායමක් මේ මගින් ලබා ගැනීමට අවකාශය ඇති බවද පෙන්වා දෙන ලදි.

එමෙන්ම ඉතාමත්ම ශක්තිමත් සැලැස්මක් ක්‍රියාත්මක කිරීම මගින් මත්ස්‍ය පැටවූ නියමිත කලට වැව් හා අනෙකුත් ජල මුලාශ්‍ර වල තැන්පත් කිරීම මගින් හා තහනම් පන්න ක්‍රම භාවිතා කිරීම තහනම් කිරීම මගින් කුඩා මත්ස්‍ය පැටවූන් විනාශ නොවන බැවින් මෙම කර්මාන්තය සාර්ථකව පවත්වා ගෙන යාමට හැකිවන බවද එතුමා විසින් ප්‍රකාශ කරන ලදි.

මෙම අවස්ථාව සදහා ධීවර රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත චන්ද්‍රසෝම මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

WhatsApp Image 2021 01 17 at 9.55.04 PM

WhatsApp Image 2021 01 17 at 9.55.04 PM 2

WhatsApp Image 2021 01 17 at 9.55.05 PM

Youtube