en banner

IMG 20230121 WA0001ඉන්දීයානු විදේශ අමාත්‍ය එස් ජයශංකර් මහතා, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හා ධීවර අමාත්‍යාංශ නිලධාරින් සමග ඉන්දියානු බහුදින ධීවර යාත්‍රා මගින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සිදුකරනු ලබන ආක්‍රමණශීලි  හා නීතිවිරෝධී ධීවර කටයුතු පිළිබදව අද (2023.01.20) දින සාකච්ඡා පැවැත්විණි.

මෙහිදී ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පෙන්වා දුන්නේ, මෙම ගැටළුව ශ්‍රී ලංකාවේ ධීවරයින්ට මෙන්ම සාගර පරිසරයට ද දැඩි ලෙස බලපාන බවත් එම නිසා මෙය නැවැත්වීම සදහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කල යුතු බවත්ය. මේ පිළිබදව තමන් පසුගිය රජයේ හිටපු අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කල මහින්ද රාජපක්ෂ මහතා සමග ඉන්දියාවේ කරන ලද සංචාරයේදී ගත යුතු පියවරයන් පිළිබදව ඉන්දියානු රජයේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාට ඉදිරිපත් කල බවත් එම අවස්ථාවේදී මෝදී මහතා එම යොජනා පිළිබද සලකා බලා අදාල ක්‍රියාමාර්ග ගන්නා බව පැවසු අතර එම යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර හැකි කඩිනමින් ගන්නා ලෙසද අමාත්‍යවරයා විසින් ඉන්දියානු විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින ලදි.

මෙහිදී ඉන්දියානු විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, මේ පිළිබදව ඉන්දියානු රජය නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටින බවත් ඊට අදාල ප්‍රාන්ත රජයන් සමග සාකච්ඡා කොට මේ සදහා අවශ්‍ය නීතිමය පියවරයන් ගන්නා බවද පැවසීය. මෙහිදී  වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය දේවානන්දා දැනට ශ්‍රී ලංකාවේ පරිසර සංවිධාන හා ධිවර සමුකාර සමිති මගින් තමන්ට හා තම අමාත්‍යාංශයේ නිලධාරීන්ටද, රජයේ නීතිපතිවරයා, හමුදාපතිවරයා, ගුවන්හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් රැසකට එරෙහිව අභියාචනාධිකරණයේ මේ පිළිබදව නඩු පවරා ඇති බවත් එම නිසා හැකි කඩිනමින් මෙම ගැටළුව විසදිය යුතු බවද ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය හා ධිවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත, ධිවර අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (තාක්ෂණ) ධම්මික රණතුංග ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගි විය.

Youtube