en banner

Oluvil Caption 5ධිවර වරායක් ලෙස පරිවර්තනය කරන ලද ඔලුවිල් වරායේ ධිවර මෙහෙයුම් කටයුතු මේ වනවිට ඉතා සාර්ථකව සිදුවන අතර වරායට ගොඩබාන මත්ස්‍ය තොග අතුරින් අතිරික්ත මත්ස්‍ය තොග භාවිතා කරමින් ටින් මාලු කර්මාන්තශාලාවක් ආරම්භ කිරිමට ටෙස් පෞද්ගලික සමාගම හා ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අතර අවස්ථා කිහිපයකදි සිදු කරන ලද සාකඡ්ඡාවලින් පසු 2023/02/07 දින කර්මාන්තශාලාවක් ඉදිකිරිමට අදල ගිවිසුම සදහා අත්සන් තැබිම ධිවර අමාත්‍යංශයේදි සිදු විය.

රටේ ජනතාවට අවශ්‍ය ටින් මාලු රට තුළම නිෂ්පාදනය කිරිමට අමාත්‍යවරයාගේ අවධානය යොමුවි ඇති බවත් මෙම කර්මාන්තශාලාව ඉදිකිරිම තුළ මෙහි නිපදවන ටින් මාලුවල අතිරික්තය විදේශ රටවලට අපනයනය කිරිමටද හැකියාවක් පවතින බවද අමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කරන ලදි.

මෙම ගිවිසුමට අමාත්‍යංශය වෙනුවෙන් අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ටේස් පෞද්ගලික සමාගම වෙනුවෙන් එහි සභාපති ෂිරාන් ප්‍රනාන්දු මහතා විසින් අත්සන් තබන ලදි .

මෙම අවස්ථාවට ධිවර අමාත්‍යංශයේ අතිරේක ලේකම් නාමල් තලංගම මහතා ඇතුලු නිළධාරින් පිරිසක් මෙන්ම ටෙස් පෞද්ගලික සමාගමේ නිළධාරින් පිරිසක් එක්ව සිටියහ.

Oluvil Caption 1

Oluvil Caption 2

Oluvil Caption 3

Oluvil Caption 4

min oluvil

 

Youtube