පසුගිය දා පැවති කැබිනට් මණ්ඩලයේදී උතුරු නැගෙනහිර ඇතුළු සමස්ථ ශ්‍රී ලංකාවේම පසුගිය යුධ සමයේදී අතුරුදන් වුවන් හා මියගිය මාධ්‍යවේදීන්ගේ පවුල් සදහා සහනයක් දීමට අවශ්‍ය බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කැබිනට් මණ්ඩලයේදී අග්‍රාමාත්‍යතුමා සමග එක්ව ඉදිරිපත් කරන ලද කරුණු පිළිබදව කැබිනට් මණ්ඩලයේ සැළකිල්ල යොමුවී තිබේ.
ඒ අනුව එසේ යුද්ධයේදී අතුරුදන් වු හා යුධමය හේතුමත මිය ගිය මාධ්‍ය වේදීන්ගේ පවුල් වල තොරතුරු ගෙන්වාගෙන ඒ සදහා යම් කිසි සහනදායි ක්‍රියා දාමයකට යොමු විය යුතු යැයි අමාත්‍ය දේවානන්දා ගරු අග්‍රාමාත්‍යතුමන් සමග සාකච්ඡා කොට මේ පිළිබදව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අදහස් හා යෝජනා කැබිනට් මණ්ඩලය අනුමත කොට ඇත. ඒ අනුව තව නොබෝ දිනකින් මේ සදහා අවශ්‍ය කටයුතු සලසා දීම සදහා අදාල අංශ වලට උපදෙස් ලබා දී ඇත.