ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් තම අමාත්‍යාංශයට අදාල ආයතනයන් සඳහා ඉහළ නිලධාරීන් පත් කර ඇත.
ධීවර කර්මාන්තයට අත්‍යාවශ්‍ය මෙවලම් නිෂ්පාදනය කරන ආයතනයක් ලෙස සැලකෙන සී-නෝර් පදනම් ආයතනයේ නව සභාපති ලෙස අසංක නවරත්න මහතා 2020.02.03 පෙරවරුවේ ආයතන පරිශ්‍රයේදී තම තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදී. අසංක නවරත්න මහතා ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායකයා වන අතර වයඹ පළාත නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙස ද කටයුතු කර ඇත. ඒ මහතා කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් නවරත්න මහතාගේ පුත්‍රයා ද වේ.
මෙහිදී එම අවස්ථාවට අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් නෙල්සන් එදිරිසිංහ මහතා ද එක් වී සිටියේ ය.