කිලිනොච්චියේ පිහිටුවා ඇති යාපන විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජපන් රජයේ ආධාර යටතේ අලුතින් ඉදි වූ පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයක් 2021.01.25 වැනි දින පැවැත් වුණි.
මෙහිදී යාපන විශ්ව විද්‍යාලයේ උපකුලපති ශ්‍රී සත්ගුණ රාජා මහතා අදහස් දක්වමින් කියා සිටියේ අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා දිගින් දිගටම ගත් පියවර නිසාමයි කිලිනොච්චි අරිවියල් නගර් ප්‍රදේශයේ යාපන විශ්ව විද්‍යාලයේ පීඨයක් බිහි වුණේ. පසුගිය වසර දහයකට පෙර ජනතාව ගැවසීමෙන් තොරව සිටි මෙම ප්‍රදේශයේ හමුදාවෙන් නිදහස් කර දෙන ලෙස වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිතුමා ලෙස කටයුතු කළ අවස්ථාවේ කොකාවිල් සන්නිවේදන කුලුන විවෘත කිරීමේ අවස්ථාවට පැමිණි මොහොතේ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් මෙම ඉල්ලීම කර තිබූ බව උපකුලපතිවරයා කියා සිටියහ.
මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා හා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා එක්ව සිටි අතර එහි ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට ද අවස්ථාව උදා කර තිබුණි.