ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) සහ ධීවර අමාත්‍යංශය එක්ව ධීවර කර්මාන්තයේ, විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ පාර්ශවකරුවන් වෙත අවශ්‍ය වෘත්තීයම පුහුණුව, තාක්ෂණික පුහුණුව සහ වෘත්තීයම සහතිකයක් ලබා දීමේ වැඩසටහන පිළිබඳව සාකච්ඡාවක් අද දින 2021.01.26 දින රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ධීවර අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙහිදී 2021 වර්ෂය වෙනුවෙන් පුද්ගලයන් 3000ක් වෙනුවෙන් එම පුහුණුව නොමිලේ NAITA ආයතනයෙන් මගින් ලබා දීමටත් එම වෘත්තිකයන් තෝරා ගැනීම ධීවර දෙපාර්තම්නේතුව, ජලජීවී වගා සංවර්ධන අධිකාරිය සහ නාරා ආයතනය මගින් සිදු කිරීමටත් තීරණය කරන ලදි. මෙම වැඩපිළිවෙල වෙනුවෙන් NAITA ආයතනය වැය කරන මුදල රුපියල් ලක්ෂ 375කි.
මෙම හමුවට NAITA ආයතනයේ සභාපති නලීන් තරංග ගම්ලත් මැතිතුමා ප්‍රමුඛ එම ආයතනයේ අධ්‍යක්‍ෂතුමිය, සහකාර අධ්‍යක්ෂතුමා සහ ධීවර රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජයන්ත චන්ද්‍රසෝම ඇතුළු නිළධාරීන් සහභාගී විය.