මෙරට ධීවරයින් සාගරය භාවිතා කරමින් සිදුකරනු ලබන ලයිට් කෝස්, හැඹිලි දැල් ආදී නිතිවිරෝධී ධීවර කටයුතු මුළුමනින්ම නවතා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා 2023.02.21 වන දින ධීවර අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.
රට තුළ සිදු කරනු ලබන ජලජීවි වගා ව්‍යාපෘති සඳහා අදාළ ඉඩම් විද්‍යානුකූලව හඳුනාගෙන එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී සිදුවන අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වා ජනතාව තුළ ජල ජලජීවී වගාව ප්‍රවර්ධනය කිරීමට කඩිනමින් කටයුතු කළ යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කරන ලදි.
ධිවර වරායක් ලෙස පරිවර්තනය කරන ලද ඔලුවිල් වරායේ ධිවර මෙහෙයුම් කටයුතු මේ වනවිට ඉතා සාර්ථකව සිදුවන අතර වරායට ගොඩබාන මත්ස්‍ය තොග අතුරින් අතිරික්ත මත්ස්‍ය තොග භාවිතා කරමින් ටින් මාලු කර්මාන්තශාලාවක් ආරම්භ කිරිමට ටෙස් පෞද්ගලික සමාගම හා ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අතර අවස්ථා කිහිපයකදි සිදු කරන ලද සාකඡ්ඡාවලින් පසු 2023/02/07 දින කර්මාන්තශාලාවක් ඉදිකිරිමට අදල ගිවිසුම සදහා අත්සන් තැබිම ධිවර අමාත්‍යංශයේදි සිදු විය.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





